Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ තරග නැවතත් අද (5 වැනිදා) ආරම්භවූ අතර එහිදී ලන්කන් පිලට එරෙහිව එන්.සී.සී ක්‍රීඩාංගණයේදී සවස පැවැති තරගයෙන් ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට බදුරලිය පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය ලන්කන් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97 ක් පමණි.
ලන්කන් පිලට පහසු ඉලක්කයක් හිමි වුවද අනුක් ප්‍රනාන්දු 19/3, ලක්මාල් ද සිල්වා 15/2 ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ට පරාජය හිමි වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බදුරලිය පිලට ඕවර 20 අවසානවේ කඩුලු 7් ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 118 කි.
මලිඳු මදුරංග ලකුණු 23 ක්, මිතිර තෙනුර සහ අනුක් ප්‍රනාන්දු ලකුණු 22 බැගින්ද, ලසිඳු අරෝෂ නොදැවී 21 ක් ලබාගැනීමට සමත්වූහ.
මිරංග වික්‍රමගේ ලකුණු 18 කට කඩුලු 3 ක් සහ රජීව වීරසිංහ ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගනිමින් බදුරලිය පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය.
ගාල්ල සහ කළුතර නාගරික කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදීම අද උදෑසන පැවැති තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. පෙරදින රාත්‍රියේ පැවැති වර්ෂාව හේතුවෙන් හතරේ සීමාව ආසන්න ප්‍රදේශය වියළි නොතිබීම හේතුවෙන් තරග ආරම්භය පමාවූ බැවින් එක් ඉනිමක් ඕවර 6 කට සීමා විය.
එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ කළුතර නාගරික පිලේ ඉන්ෂක සිරිවර්ධන ඕවර 2 ක් යවමින් ලකුණු 5 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය. ඔහුගේ දෙවැනි ඕවරයේදී එක් ලකුණක් ෆමණක් ලබාදෙමින් කඩුලු 4 ක් දවාගත්තේය.
බදුරලිය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 118
(මලිඳු මදුරංග 23, මිතිර තෙනුර 22, අනුක් ප්‍රනාන්දු 22, ලසිඳු අරෝෂ නොදැවී 21, මිරංග වික්‍රමගේ 18/3, රජීව වීරසිංහ 14/2)
ලන්කන් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 97
(ශෂීන් ප්‍රනාන්දු 19, අනුක් ප්‍රනාන්දු 19/3, ලක්මාල් ද සිල්වා 15/2)
ලකුණු සමවිය
ගාල්ල සහ කළුතර නාගරික කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
ගාල්ල - ඕවර 6 කදී කඩුලු 9 ක් දැවී 30
(කෞසිත කොඩිතුවක්කු 12, ඉංෂක සිරිවර්ධන 05/5, තරිඳු සිරිවර්ධන 12/2)
කළුතර නාගරික - ඕවර 6 කදී කඩුලු 9 ක් දැවී 30
(හරීන් බුද්දිල 07/3, සඳුන් මදුශංක 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.