Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බදුල්ල මැදි විදුහල සහ බලංගොඩ ආනන්ද මෛත්‍රිය විදුහල අතර ආනන්ද මෛත්‍රිය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට බදුල්ල මැදි විදුහල සමත් විය.
එහිදී බදුල්ල මැදි විදුහලේ සචින් දිසානායක (127) ශතකයක්ද, කාවින්ද රණසිංහ (60) අර්ධ ශතකයක්ද ලබාගත් අතර එම විදුහලේම සංකනාත් විශ්වමෙත් 120 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බදුල්ල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 186
(කාවින්ද රණසිංහ 60, යමිල අබේකෝන් 36, දිනර කොඩිතුවක්කු 23, අනුජ අබේනායක 21, සංකනාත් විශ්වමෙත් 32/7, පෘතුවි කරුණාතිලක 29/2)
ආනන්ද මෛත්‍රිය විදුහල් පළමු ඉනිම - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 135
(තීක්ෂණ මොලමුරේ 49, රසිඳු ආනන්ද 26, පෘතුවි කරුණාතිලක නොදැවී 25, දිනර කොඩිතුවක්කු 44/4, කවිඳු රණසිංහ 25/3, අංජන අබේනායක 11/2)
බදුල්ල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 64 කදී කඩුලු 8 ක් දැවී 315
(සචින් දිසානායක 127, යමිල අබේකෝන් නොදැවී 69, බොවිඳු චමෙල් 45, කවිඳු රණසිංහ 35, ලලන්ත විශ්වජිත් 59/4, සංකනාත් විශ්වමෙත් 88/3)
ආනන්ද මෛත්‍රිය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී 149
(තීක්ෂණ මොලමුරේ 76, ලිතිජ කල්හාර 32, දිනර කොඩිතුවක්කු 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.