Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් 12-13-18

බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් 12-13-18

editorial - 2024 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා උරගා බැලෙන ‘බන්දුල වර්ණපුර අනුස්මරණ’ ක්‍රිකට් තරගාවලිය මේ මස 12, 13 සහ 18 දිනයන්හිදී කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කණ්ඩායම් හතරක් අතර පැවැත්වෙන තරගාවලියේ ශූරයන්ට ‘බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලාන’ පිරිනැමේ. 

බන්දුල වර්ණපුර ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම 1971 වසරේ නාලන්දාවේ නායකත්වය දැරූ ක්‍රීඩකයාය. 

නාලන්දා ක්‍රිකට් ඇකඩමියේ වසර කිහිපයක් පුහුණුවීම් කළ ක්‍රීඩකයන් අතර තරගාවලිය පැවැත්වෙයි. ඔව්හු නාලන්දා වයිකින්ස්, නාලන්දා වොරියර්ස්, නාලන්දා ටයිටන්ස්, සහ නාලන්දා විසාර්ඩ් ලෙසින් තරග කරති. කණ්ඩායම් හතර ක්‍රීඩකයින්, කළමනාකරුවන් සහ පුහුණුකරුවන් ඇතු`ඵ 70 කට වැඩි පිරිසකගෙන් සමන්විතය. කණ්ඩායම් පුහුණුකරුවන් හා කළමණාකරුවන් ලෙස දැනට නාලන්දාවේ සිටින වයස අවුරුදු 17න් පහළ සහ පළමු පෙළ කණ්ඩායම්වල ක්‍රීඩකයින් පත්කරනු ලැබ ඇත. 

විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ විශේෂ ආරාධිතයන් ලෙසින් බන්දුල වර්ණපුර මහතාගේ බිරිඳ, හේමාලි වර්ණපුර මහත්මිය සහ පුතණුවන් වන ආදි නාලන්දීයයකු වන මාධව වර්ණපුර මහතා සහභාගි වෙති.  

‘රංගිරි සමූහ ව්‍යාපාරය’ සහ ‘වර්ණ ක්ලෝතින්’ පුද්ගලික සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකත්වය දරයි. ඊට අමතරව ‘චාන්ස් ස්පොර්ට්ස්’ ආයතනය ද අනුග්‍රහකත්වයක් දැරීමට ඉදිරිපත් වී ඇත.

තරඟාවලිය ආදි නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබයි. 

අති නවීන තාක්ෂණය යොදා ගනිමින්, රූපරාමු මගින් ක්‍රීඩකයන්ගේ ඉරියව් විශ්ලේෂණය කරමින්, ජත්‍යන්තර ක්‍රමවේදයන්ට අනූව තරගාවලිය පැවැත්වේ. බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානයට අමතරව, තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා, දක්‍ෂතම පන්දු යවන්නා, දක්‍ෂතම පන්දු රකින්නා සහ වඩාත්ම විනයගරුක කණ්ඩායම සඳහාද කුසලාන පිරිනැමේ. 

තරඟාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ නාලන්දා විද්‍යාලයේ ඇකඩමි මට්ටමේ සිට පළමු පෙළ කණ්ඩායම දක්වාම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම් හැඟීම, විනය සහ ක්‍රීඩාවේ සාරධර්ම ආරක්‍ෂා කරමින් ඔවුන් ජාතික මට්ටම දක්වා පරිපූර්ණ ක්‍රීඩකයන් ලෙසින් කැඳවාගෙන ඒමයි.

- 213 


අදහස් (0)

බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් 12-13-18

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.