Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලිසාර්ඞ්ගේ පිතිහරඹයෙන් හෝබාර්ට් පිලට ජය

බ්ලිසාර්ඞ්ගේ පිතිහරඹයෙන් හෝබාර්ට් පිලට ජය

ශනුක අරවින්ද - 2014 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ හයවැනි තරගය ලෙස කේප් කෝබ්රාස් පිල සහ හෝබාර්ට් හරිකේන්ස් පිල අතර හයිද්‍රාබාද්හිදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට හෝබාර්ට් හරිකේන්ස් පිල සමත්විය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය හෝබාර්ට් හරිකේන්ස් පිල පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

තරගයේ වීරයා බවට පත්වූ ඒඩන් බ්ලිසාර්ඞ් (නොදැවී 78), හෝර්බාට් ඉනිමේ 17 වැනි සහ 18 වැනි  ඕවර දෙකේදී ප‍්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වෙමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු සහ ජොනතන් වේල්ස් (නොදැවී 17) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ගොඩනැගූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 65 කි.

පන්දු 48 කදී වාර්තා වූ බ්ලිසාර්ඞ්ගේ වේගවත් ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

පන්දු 35 කට මුහුණදුන් හෝර්බාට් පිලේ ආරම්භක පිතිකරු බෙන් ඩන්ක් එහිදී හතරේ පහර 10 ක් සමග ලකුණු 54 ක් රැස්කරමින් තම පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

කේප් කෝබ්රාස් පිල වෙනුවෙන් ලකුණු 20 කට කඩුලූ 3 ක් දවාගැනීමට සයිබ‍්‍රෑන්ඞ් එන්ගල්බෙච්ට් සමත්වුවත් එය තම කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීම සඳහා ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කේප් කෝබ්රාස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්තේය.

ලකුණු 132 කට කේප් කෝබ්රාස් පිලේ කඩුලූ 6 ක් බිඳවැටී තිබූ අවස්ථවේ රොබින් පීටර්සන් (නොදැවී 25) සහ වර්නන් පිලෙන්දර් (නොදැවී 32) එක්ව පන්දු 24 කදී ලකුණු 52 ක නොබිඳුණ සම්බන්ධතාවත් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු 14 කදී වාර්තා වූ රොබින් පීටර්සන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 14 කදී වාර්තා වූ වර්නන් පිලෙන්දර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කේප් කෝබ්රාස් පිලේ ආරම්භක පිතිකරු රිචඞ් ලෙවි, පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් වේගවත් ලකුණු 42 ක් රැස්කළේය.

බෙන් හිල්ෆන්හියුස් සහ බෙන් ලෝග්ලින් හෝබාර්ට් හරිකේන්ස් පිල වෙනුවෙන් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත්වූහ.


කේප් කෝබ්රාස් පිල -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 184
(රිචඞ් ලෙවි 42, ඔම්පීල් රමීලා 21, ඬේන් විලාස් 25, රොබින් පීටර්සන් නොදැවී 25, වර්නන් පිලෙන්දර් නොදැවී 32, බෙන් ලෝග්ලින් 31/2, බෙන් හිල්ෆන්හියුස් 49/2)

හෝබාර්ට් හරිකේන්ස් පිල -  ඕවර 19 කදී කඩුලූ 4 ක් දැවී 186
(බෙන් ඩන්ක් 54, ඒඩන් බ්ලිසාර්ඞ් නොදැවී 78, ජොනතන් වේල්ස් නොදැවී 17, සයිබ‍්‍රෑන්ඞ් එන්ගල්බෙච්ට් 20/3)

 

- 036


අදහස් (1)

බ්ලිසාර්ඞ්ගේ පිතිහරඹයෙන් හෝබාර්ට් පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.