Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆිල්ඩ් වසර 14 කට පසුව පළමු පෙළ ක්‍රිකට් ශුරතාව දිනයි
අන්තර් සමාජ පළමු පෙළ

බ්ලූම්ෆිල්ඩ් වසර 14 කට පසුව පළමු පෙළ ක්‍රිකට් ශුරතාව දිනයි

editorial - 2025 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2024-25 මේජර් ලීග් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නිපුන් කරුණානායක නායකත්වය දැරූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත් විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන් පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දිනාගත් 10 වැනි අවස්ථාව මෙය වූ අතර මෙවර ඔවුන් ඊට හිමිකම් කීවේ වසර 14 කට පසුව වීම කැපී පෙණුන සිදුවීමක් විය.

මින් පෙර 1963-64, 1980-81, 1981-82, 1982-83, 1994-95, 1996-97, 1998-99, 2003-04 යන තරගවාර වලදීද අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දිනා තිබූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සාමාජය, අවසන් වරට එම ශූරතාවට හිමිකම් කියා තිබුණේ 2010-11 තරගවාරයේදී චින්තක ජයසිංහගේ නායකත්වය යටතේය.

මෙවර තරගාවලියේ වීරයා ලෙස බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ‍යේ රවිඳු ප්‍රනාන්දු (ලකුණු 415 සහ කඩුලු 52) සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරුවා ලෙස මහනුවර රේගු ක්‍රීඩා සමා‍ජයේ සහන් කෝසලත් (ලකුණු 722), දක්ෂතම පන්දු යවන්නා ලෙස පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුදීරත් (කඩුලු 61) තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා අතින් සම්මාන ලැබූහ.

ඉකුත් බදාදා (5 වැනිදා) සිට සෙනසුරාදා (8 වැනිදා) දක්වා සිවුදින තරගයක් ලෙස පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ශූරතාවට හිමිකම් කීවේය. එහිදී අගනා ද්විත්ව ශතකයක් ලබාගත් රොන් චන්ද්‍රගුප්ත (237) තරගයේ වීරයා බවට පත්විය.

පළමු ඉනිමේදී ලද ලකුණු 196 ක වාසියත් සමග දෙවැනි ඉනිම ඇරඹූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ, සිවුවැනි දිනය අවසානයේ තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියහ. පළමු ඉනිමේදී ශතකය පෙනි පෙනී දැවී ගිය අසිත වන්නිනායක දෙවැනි ඉනි‍මේදී හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 104 ක් රැස්කළේය. 

ලකුණු 94 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී නායක නිපුන් කරුණානායක (නොදැවී 75) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසිත සමත් විය. එහිදී සිය අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කිරීමට බ්ලූම්ෆීල්ඩ් නායකයා සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 508 ට පිළිතුරු වශයෙන් එන්.සී.සී. කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 312 ක් පමණි. එහිදී එන්.සී.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ළහිරු උදාර හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 145 ක් රැස්කළේය.

 

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 508
(හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, නිපුන් කරුණානායක 37, ළහිරු මධුෂංක 55, ළහිරු කුමාර 87/6, අෂීන් ඩැනියෙල් 93/2)

එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 312
(ළහිරු උදාර 145, පැතුම් නිස්සංක 29, කමිල් මිෂාර 40, කවීන් බණ්ඩාර 36, චාමික කරුණාරත්න 17, අෂීන් ඩැනියෙල් නොදැවී 16,  ජෙෆ්රි වැන්ඩසේ 64/4, රවිඳු ප්‍රනාන්දු 84/3)

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 242
(අසිත වන්නිනායක නොදැවී 104, කසුන් අබේරත්න 31, නිපුන් කරුණානායක නොදැවි 75, චාමික කරුණාරත්න 18/2, අෂීන් ඩැනියෙල් 42/2)

 


අදහස් (0)

බ්ලූම්ෆිල්ඩ් වසර 14 කට පසුව පළමු පෙළ ක්‍රිකට් ශුරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.