Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆීල්ඩ් පිලෙන් සාර්ථක ආරම්භයක්
අන්තර් සමාජ පළමු පෙළ

බ්ලූම්ෆීල්ඩ් පිලෙන් සාර්ථක ආරම්භයක්

editorial - 2025 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කරන ‘මේජර් ලීග්’ - 2025 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමු දිනය වූ ඊයේ (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුල්ලක් දැවී ලකුණු 260 ක් ලබා සිටියේය. 

එහිදී අනර්ඝ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 140 ක් රැස්කිරීමට සමත් විය. එහිදී හසිත බෝයගොඩ (52) සමග එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චන්ද්‍රගුප්ත, ඉන් නොනැවතී අසිත වන්නිනායක (නොදැවී 62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 141 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද පිහිටුවමින් සිට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

බෝයගොඩගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර අසිත හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා එන්.සී.සී. නායක සහන් ආරච්චිගේ තමන්ද ඇතුළුව චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, ළහිරු කුමාර, අසේල් සිගේරා සහ අෂීන් ඩැනියෙල් යන පන්දු යවන්නන් 6 දෙනාගේ සහාය ලබාගත්තද, ඔවුන් අතරින් කඩුල්ලක් දවාගත හැකි වූයේ ළහිරු කුමාරට පමණි. 


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - කඩුල්ලක් දැවී 260 
(හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 140, අසිත වන්නිනායක නොදැවී 62) 


අදහස් (0)

බ්ලූම්ෆීල්ඩ් පිලෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.