Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලෙසින්ග් මුසරබානි ලක්නව් පිලට

බ්ලෙසින්ග් මුසරබානි ලක්නව් පිලට

editorial - 2022 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 8 කට පමණ පසුව ඉන්දිය ප‍්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා සිම්බාබ්වේ ක‍්‍රීඩකයකු එක්කර ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් පිල කටයුතු කර ඇත. එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක මාර්ක් වුඞ් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට සිම්බාබ්වේ වේග පන්දු යවන ක‍්‍රීඩක බ්ලෙසින්ග් මුසරබානී ආදේශ කර ඇත.

පසුගිය සතියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නෝර්ත් සවුන්ඞ් හි පැවති පළමු ටෙස්ට් තරගය අතරතුරදී දකුණු වැලමිටේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට් පිල වෙනුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියට ක‍්‍රීඩා කිරීමේ සූදානමින් සිටි මාක් වුඞ්ට එම අවස්ථාව ගිළිිහි ගියේය.

බැංගලූරුහිදී පැවති ක‍්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 7.5 කට මාක් වුඞ් මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් පිල කටයුතු කළේය. මාක් වුඞ් වෙනුවට බ්ලෙසින්ග් මුසරබානී කණ්ඩායමට එක්කර ගත්තද ඔහු වෙනුවෙන් නියම කළ මිල ගණන් මෙතෙක් අනාවරණය වී නොමැත.

හිටපු සිම්බාබ්වේ ක‍්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් 2014 වසරේදී පැවැති අයි.පී.එල් තරගාවලියට අවසන් වරට එක්වී ඇත. සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එක් වුවද ඔහුට එහිදී එක් තරගයක් හෝ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව නැත. 2015 වසරේදී ඔහුව කණ්ඩායමෙන් නිදහස් කරනු ලැබීය.

මින් පෙර මාක් වුඞ් වෙනුවට බංග්ලාදේශ වේගපන්දු යවන ක‍්‍රීඩක ටස්කින් අහ්මඞ් ආදේශ කිරීමට නියමිතව සිටියද ඉදිරි ජාත්‍යන්තර තරගාවලි හේතුවෙන් ටස්කින් නිදහස් කිරීමට බංග්ලාදේශ ක‍්‍රිකට් මණ්ඩලය ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ මස 28 වැනිදා මුම්බායිහී වැන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව ලක්නව් සුපර් ජයන්ට්ස් පිල මංගල තරගයට එක්වනු ඇත.

- 2079


අදහස් (0)

බ්ලෙසින්ග් මුසරබානි ලක්නව් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.