Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රැත්වයිට්ගේ ශතකයෙන් කොදෙව් පිල ඉදිරියට

බ්‍රැත්වයිට්ගේ ශතකයෙන් කොදෙව් පිල ඉදිරියට

ශනුක අරවින්ද - 2014 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංගලාදේශ පිල අතර කිංග්ස්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (5 වැනිදා) සවස තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් පිල කඩුලූ 3 ක් දැවී ලකණු 264 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට කේ‍්‍රග් බ්‍රැත්වයිට් ලකුණු 123 ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැදීසිටියේය. ඔහුගේ ශතකයට හතරේ පහර 8 ක් ඇතුලත් විය.

කි‍්‍රස් ගේල් (64) සමග එක්වූ කේ‍්‍රග් බ්‍රැත්වයිට්, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ගෙනදුන්නේය.

ඉන් නොනැවතී ඩැරන් බ‍්‍රාවෝ (62) සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 128 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බ්‍රැත්වයිට්, කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමමින් ඉදිරියටම ගියේ  දිගු ඉනිමකට සූදානම් වෙමිනි.

කි‍්‍රස් ගේල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් වූ අතර ඩැරන් බ‍්‍රාවෝගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - කඩුලූ 3 කට 264

(කි‍්‍රස් ගේල් 64, කේ‍්‍රග් බ්‍රැත්වයිට් නොදැවී 123, ඩැරන් බ‍්‍රාවෝ 62, තයිජුල් ඉස්ලාම් 69/2)


අදහස් (0)

බ්‍රැත්වයිට්ගේ ශතකයෙන් කොදෙව් පිල ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.