Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළු බඳුන තරගාවලියේදී අසාර්ථක වීම නිසා එංගලන්තය කණ්ඩායමෙන් ඉවත් කරන ලද ආරම්භක පිතිකරු මයිකල් කාබෙරි සහ ටිම් බ්‍රෙස්නන් ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි:20 තරගයට සහ එක්දින තරගාවලිය සඳහා නම්කරන ලද එංගලන්ත සංචිත දෙකටම ඇතුළත් කර තිබේ.
එංගලන්තයේ හැම්ප්ෂයර් ප‍්‍රාන්ත පිල නියෝජනය කරන 33 හැවිරිදි මයිකල් කාබෙරි වමත් පිතිකරුවකු වන අතර දකුණතින් පිට දග පන්දු යැවීමේ හැකියාවද ඇත්තෙකි.
එංගලන්ත විස්සයි:20 පිලේ නායක ස්ටුවර්ට් බ්‍රෝඞ් සිය දණහිසේ ආබාධයට ප‍්‍රතිකාර ලබා විවේකීව සිටින හෙයින් මේ මස 20 වැනිදා ඕවල් පිටියේදී පැවැත්වෙන වි:20 තරගයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව එංගලන්ත පිල මෙහෙයවීමේ වගකීම ඔයින් මෝගන්ට පැවරී තිබේ.
වමතින් වේග පන්දු යවන්නකු වන හැරී ගානි එංගලන්ත සංචිතයට එක්ව සිටින අනෙක් නවක කී‍්‍රඩකයා වන අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 22 වැනිදා ඕවල් පිටියේදී ආරම්භ වේ.
ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරග 3 ඉලක්ක කරගනිමින් නම්කරන ලද එංගලන්ත සංචිතයට කී‍්‍රඩකයෝ 14 ක් ඇතුළත්ව සිටිති.
එංගලන්ත විස්සයි:20 සංචිතය
ඔයින් මෝගන් (නායක), මුයීන් අලි, ඉයන් බෙල්, රවී බෙපාරා, ටිම් බ්‍රෙස්නන්, ජොස් බට්ලර්, මයිකල් කාබෙරි, හැරී ගානි, ඇලෙක්ස් හේල්ස්, කි‍්‍රස් ජෝර්ඞ්න්, ජෝ රූට්, ජේම්ස් ටේරඞ්වෙල් සහ කි‍්‍රස් වෝක්ස්
එංගලන්ත එක්දින සංචිතය
ඇලිස්ටෙයාර් කුක් (නායක), ජේම්ස් ඇන්ඩසන්, ගැරී බැලන්ස්, ඉයන් බෙල්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ජොස් බට්ලර්, මයිකල් කාබෙරි, හැරී ගානි, කි‍්‍රස් ජෝර්ඞ්න්, ඔයින් මෝගන්, ජෝ රූට්, ජේම්ස් ටේරඞ්වෙල් සහ කි‍්‍රස් වෝක්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.