Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රෝඩ් නවසීලන්තය හොල්ලලා අතහරී
මවුන්ට් මන්ගනුයි ටෙස්ට් තරගය

බ්‍රෝඩ් නවසීලන්තය හොල්ලලා අතහරී

editorial - 2023 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ විශ්මිත පන්දු යැවීම හමුවේ නවසීලන්තය අමාරුවේ වැටී සිටී. නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්තය සිය දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 63 කට අහිමි කරගෙන සිටියේය.

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 394 ක ඉලක්කයක් කරා යන නවසීලන්ත කණ්ඩායම ඒ සඳහා තවත් ලකුණු 331 ක් ලබාගත යුතු වූවත් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 5 ක් පමණි. එම කඩුලු 5 දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන්ට දින දෙකක කාලයක් ඉතිරිව තිබේ.

එංගලන්තයට ලැබුණේ ලකුණු 19 ක මුල් ඉනිමේ වාසියක් පමණි. එහෙත් දෙවැනි ඉනිමේදී ජෝ රූට් (57), හැරී බෲක් (54) සහ බෙන් ෆෝක්ස් (51) තිදෙනාගේ අර්ධ ශතක නිසා සංචාරකයෝ ලකුණු 374 ක් ලබාගත්හ. එයින් සිදුවූයේ නවසීලන්තයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 394 ක් දක්වා ඇතට ඇදී යාමයි.

දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වූ මෙහිදී පන්දුවේ හැසිරීම විශ්මය ජයක විය. ඩෙවොන් කොන්වේ, කේන් විලියම්සන් සහ ටොම් ලෙතම් යන ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනාගේම පා ආවරණයත් පිත්තත් අතර පරතරයෙන් පන්දුව රිංගවා එය කඩුල්ල වෙත යවමින් ඔවුන් තිදෙනාවම දවාගත් ස්ටවර්ට් බ්‍රෝඩ් දිනය අවසන් කළේ ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමිනි.

එංගලන්තයේ ‘බස්බෝල්’ පිතිහරඹ රටාව අනුව වේගයෙන් ලකුණු රැස්කිරීමට හිටපු නායක ජෝ රූට් තරමක් පසුබසිමින් සිටී. ඒ හේතුවෙන් වෙනදා අංක 4 හි ක්‍රීඩා කළ පිතිකරුවා දෙවැනි ඉනිමේදී අංක 5 ට තල්ලු කර යවන ලද නමුත් ඔහු ලකුණු 57 ක් ලබාගත්තේය.
 
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස්ගේ ලකුණු 31 ට හයේ පහර දෙකක් ඇතුළත් විය. ඒ ඔහුගේ 108 සහ 109 වැනි හයේ පහර විය. එම හයේ පහර දෙකත් සමගින් බෙන් ස්ටෝක්ස් ඔහුගේ පුහුණුකරුවා වන බ්‍රෙන්ඩන් (බස්) මැකලම්ගේ වැඩිම හයේ පහර ගැසූ පිතිකරවා වීමේ වාර්තාව (107 යි) පසුකර ගියේය.


එංගලන්තය - පළමු ඉනිම කඩුලු 9 ට 235 යි
නවසීලන්තය  - පළමු ඉනිම 306 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 374 යි

(සැක් ක්‍රෝලි 28, බෙන් ඩකට් 25, ඔලී පෝප් 49, ජෝ රූට් 57, හැරී බෲක් 54, බෙන් ෆෝක්ස් 51, බෙන් ස්ටෝක්ස් 31, ඔලී රොබින්සන් 39, ජැක් ලීච් 12 නීල් වැග්නර් 110/2, බ්ලෙයාර් ටික්නර් 55/3, ස්කොට් කුග්ලෙජින් 81/2, මයිකල් බ්‍රේස්වෙල් 68/3)
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 5 ට 63 යි.
(ටොම් ලෙතම් 15, ඩැරිල් මිචෙල් නොදැවී 13, මයිකල් බ්‍රේස්වෙල් නොදැවී 25, ස්ටුවර්ට් බ්‍රෝඩ් 21/4)

- 213

 


අදහස් (0)

බ්‍රෝඩ් නවසීලන්තය හොල්ලලා අතහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.