Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බාක්ලේ යළිත් මුල් පුටුවට

බාක්ලේ යළිත් මුල් පුටුවට

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා ලෙස නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ මහතා නැවතත් පත් විය. සිම්බාබ්වේ ජාතික ටවෙන්ග්වා මුකුලානි මහතා තරගයෙන් ඉවත් වීමෙන් පසු බාක්ලේ මහතා නිතරගයෙන් එම තනතුරට පත්විය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මහ සභා රැස්වීමක් අද (12 වැනිදා) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්විණ.

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානියා වන බාක්ලේ මහතා වසර 2020 දී ඉන්දීය ජාතික ශෂාන්ක් මනෝහර් මහතාගෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධූරයට පත්වූයේය. බාක්ලේ මහතා තවත් වසර දෙකක කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇත.

“අපගේ ක්‍රීඩාව සම්බන්ධයෙන් සාර්ථක සහ තිරසාර අනාගතයක් ගොඩනැඟිය හැකි උපායමාර්ග ආරම්භ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය වසර දෙකක කාලයේදී අපි සැලකිය යුතු ප්‍රගතියක් ලබා තියෙනවා” යයි නැවත වරක් සභාපති ධූරයට පත්වීමෙන් පසුව ග්‍රෙග් බාර්ක්ලේ මහතා පැවසීය.

“මෙය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රබෝධමත් කාලයක්. අපගේ ප්‍රධාන වෙළෙඳපොළ තුළ ක්‍රීඩාව ශක්තිමත් කිරීමට වාගේම ඉන් ඔබ්බට එය වර්ධනය කිරීමටත්, ලෝකයේ වැඩි දෙනෙකුට ක්‍රිකට් ක්‍රීඩාව රස විඳිය හැකි බව සහතික කිරීමටත් අපගේ සාමාජිකයින් සමඟ සමීපව කටයුතු කිරීමට මා බලාපොරොත්තු වෙනවා” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වාණිජ නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන ග්‍රෙග් බාක්ලේ මහතා යළිත් සභාපතිවරයා වීම “ක්‍රීඩාවේ යහපත සඳහා” වන්නක් බව තරගයෙන් ඉවත් වූ සිම්බාබ්වේ ජාතික ටවෙන්ග්වා මුකුලානි මහතා පවසයි.

“ඒ නිසා මම මගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළා,” යයි ඔහු වැඩිදුරටත් පැවසීය.

- 213


අදහස් (0)

බාක්ලේ යළිත් මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.