Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බාලිකා තරගාවලියට පාසල් 34 ක්

බාලිකා තරගාවලියට පාසල් 34 ක්

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 34 ක සහභාගීත්වයෙන් මෙම සතියේදී ආරම්භ වේ. 

තරගාවලියේ පළමු අදියර කාණ්ඩ 6 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර එය අප්‍රේල් මස 3 වැනිදා වන විට නිමාවට පත්වනු ඇත. එහිදී කණ්ඩ 4 කට කණ්ඩායම් 6 බැගින් අතුළත්ව ඇති අතර කාණ්ඩ 2 කට කණ්ඩායම් 5 බැගින් ඇතුළත් කර තිබේ. 

‘ඒ’ කාණ්ඩය (5) සබරගමුව පළාතේ පාසල්වලින්ද, ‘බී’ කාණ්ඩය (6) මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල්වලින්ද, ‘සී’ කාණ්ඩය (6) උතුරු සහ උතුරු මැද පළාත්වල පාසල් වලින්ද, ‘ඩී’ කාණ්ඩය (5) ඌව සහ නැගෙනහිර පළාත්වල පාසල්වලින්ද සමන්විත වේ. 

දකුණු පළාතේ සහ බස්නාහිර පළාත් 1 කොටසේ පාසල් ‘ඊ’ කාණ්ඩය (6) යටතේද, බස්නාහිර පළාත් 2 කොටසේ පාසල් ‘එෆ්’ කාණ්ඩය (6) යටතේද මූලික වටයේදී තරග වැදීමට නියමිතය. 

මූලික වටය අවසානයේ පාසල් 5 බැගින් සිටින කාණ්ඩයකින් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 2 බැගින්ද, පාසල් 6 බැගින් සිටින කාණ්ඩයකින් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 3 බැගින්ද කණ්ඩායම් 16 ක් දෙවැනි වටයට තෝරාගනු ලැබේ. 

දෙවැනි වටයේ සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ. 

පසුගිය වසරේදී (2021) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රත්ගම දේවපතිරාජ ක්‍රීඩිකාවෝ සමත් වූ අතර වාද්දුම මැදි විදුහල් ක්‍රීඩිකාවෝ එහි අනු ශූරතාවට හිමිකම් කීහ.   

බලංගොඩ විද්‍යාලෝක විදුහල, මිරිහානේගම මහ විදුහල, මාතලේ ලෙලිඅඹේ මහ විදුහල, හබරණ ප්‍රාථමික විදුහල, අතරගල්ලෑව මහ විදුහල, කරුක්කන්කුලම විජයබා මහ විදුහල, මන්නාරම ශාන්ත ෆාතිමා විදුහල, මහියංගනය ඔරුබැඳිවැව මහ විදුහල, නමුනුකුල නාවලගම මහ විදුහල, අම්පාර රුහුණුගම විදුහල සහ අවිස්සාවේල්ල මීගොඩ මහ විදුහල මෙම තරගාවලියට සහභාගි වන්නේ පළමු වරටය. 

‘ඒ’ කාණ්ඩය (සබරගමුව පළාත) 
කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල, කෑගලු බාලිකා විද්‍යාලය, තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල, යටියන්තොට සිරිවර්ධන මහ විදුහල සහ බලංගොඩ විද්‍යාලෝක විදුහල 

‘බී’ කාණ්ඩය (මධ්‍යම සහ වයඹ පළාත්) 
මහනුවර මහාමායා බාලික විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, නුගවෙල මැදි විදුහල, මාතලේ ලෙලිඅඹේ මහ විදුහල, ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල, මිරිහේනේගම මහ විදුහල 

‘සී’ කාණ්ඩය (උතුරු සහ උතුරු මැද පළාත්) 
එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මැදි විදුහල, හබරණ ප්‍රාථමික විදුහල, ජයසිරිපුර ප්‍රාථමික විදුහල, අතරගල්ලෑව මහ විදුහල, කරුක්කන්කුලම විජයබා මහ විදුහල සහ මන්නාරම ශාන්ත ෆාතිමා විදුහල

‘ඩී’ කාණ්ඩය (ඌව සහ නැගෙනහිර පළාත්) 
ඔක්කම්පිටිය විජයබා විදුහල, වැල්ලවාය ඇතිලිවැව මහ විදුහල, මහියංගනය ඔරුබැඳිවැව මහ විදුහල, නමුනුකුල නාවලගම මහ විදුහල සහ අම්පාර රුහුණුගම විදුහල 

‘ඊ’ කාණ්ඩය (දකුණු සහ බස්නාහි පළාත් 1)
රත්ගම දේවපතිරා විදුහල, මාතර අනුර මහ විදුහල, වාද්දුව මැදි විදුහල, පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, දොඹගොඩ සීලරතන මහ විදුහල සහ අවිස්සාවේල්ල මීගොඩ මහ විදුහල

‘එෆ්’ කාණ්ඩය (බස්නාහිර පළාත් 2) 
ගම්පහ රත්නාවලී විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, මොරටුව වේල්ස් කුමරි විදුහල, මීගමුව නිව්ස්ටඩ් විදුහල, මාරපොල මහ විදුහල සහ නුගේගොඩ අනුලා විදුහල 

 

 


අදහස් (1)

බාලිකා තරගාවලියට පාසල් 34 ක්
  • Kanishka Tuesday, 08 March 2022 12:26 PM

    සියලුම පාසල්වලට සුබපැතුම්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.