Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් නායකත්වය ෆෆ් ඩු’ප්ලෙසිට

බැංගලෝර් නායකත්වය ෆෆ් ඩු’ප්ලෙසිට

editorial - 2022 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙහෙයවීම සඳහා දකුණු අප්‍රිකානු ජාතික ෆෆ් ඩු’ප්ලෙසි තෝරාගෙන තිබේ.

වසර 2012 සිටම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ෆෆ්, චෙන්නායි කණ්ඩායම දිනාගත් ශූරතා රැසකදීම ඉදිරිපෙළ ක්‍රීඩකයකු වූයේය. පසුගිය මාසයේදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී සෙසු කණ්ඩායම් සමගින් තියුණු තරගයක නිරත වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් බලධාරීහු ඇමරිකානු ඩොලර් 900,000 කට ෆෆ් ඩු’ප්ලෙසි ව මිලදී ගත්හ.

“වැදගත්කම අනුව ෆෆ් අපේ ලයිස්තුවේ ඉහළින්ම හිටියා” යයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය ප්‍රකාශයට පත්කරමින් කණ්ඩායමේ සභාපති ප්‍රත්මේෂ් මිෂ්රා පැවසීය.

“එයා මෙතැනට ගේන්නේ ඔහුගේ නායකත්වයේ හැකියාවන් විතරක් නෙමේ. ඔහු අයි.පී.එල්. තරගාවලියේදී තමන්ගේ තරම පෙන්වූ ක්‍රීඩකයෙක්” යයිද මිෂ්රා මහතා පැවසීය.

හිටපු දකුණු අප්‍රිකානු නායකයා, බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයන් වන කොමිලා වික්ටෝරියන්ස් පිලද නියෝජනය කරයි.

ෆෆ් පසුගිය වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත්තේ එම වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අටියෙනි. එහෙත් පසුගිය ඔක්තෝබරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඔහුව තෝරා නොගැනිණ. එසේ වුවත්, ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට දින කිහිපයක් තිබියදී පැවැති අයි.පී.එල්. අවසන් මහ තරගයේදී පන්දු 59 කින් ලකුණු 86 ක් ලබාගත් ෆෆ්, සිව්වැනි වතාවටත් චෙන්නායි පිලට අයි.පී.එල්. ශූරතාව දිනා දුන්නේය.  

විරාට් කෝලි මෙහෙයවූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තුන් වතාවක්ම අයි.පී.එල්. තරගාවලියේ අනුශූරයන් වී ඇතත් මෙතෙක් එහි ශූරතාව දිනාගෙන නැත. බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ නමුත් විරාට් කෝලි තවදුරටත් කණ්ඩායම සමගින් සිටිනු ඇත.

- 213

 


අදහස් (0)

බැංගලෝර් නායකත්වය ෆෆ් ඩු’ප්ලෙසිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.