Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් පිල අවසන් පූර්ව තරගයට එයි

බැංගලෝර් පිල අවසන් පූර්ව තරගයට එයි

Dilrukshi - 2015 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සිවුදෙනාගේ වටයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර පූනේහිදී අද (20) පැවැති පිළිමළින් පිටු දැකීමේ තරගයෙන් ලකුණු 71 ක ජයක් ලැබූ බැංගලෝර් පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

දෙවැනි අවසන් පූර්ව තරගය චෙන්නායි පිල සහ බැංගලෝර් පිල අතර 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

මුම්බායි ඉන්දියන්ස් පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.

බැංගලෝර් පන්දු යවන්නෝ ලකුණු 181 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් පිල ලකුණු 109 කට සීමා කිරීමට සමත් වූහ.

ඒ. බී. ඩිවිලියස් (66) සහ මන්දීප් සිං (නොදැවී 54)  තෙවැනි කඩුල්ලට ලකුණු 113 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් බැංගලෝර් පිල  ඕසවා තැබීමට සමත් වූහ.

ඒ. බී. ඩිවිලියස් පන්දු 38 කදී හතරේ සහ හයේ පහර 4 බැගින් අන්තර්ගත කරමින් ලකුණු 66 රැස් කළේය.

මන්දීප් සිං පන්දු 34 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය.

ප‍්‍රවේගකාරී පිතිකරු ක‍්‍රිස් ගේල් පන්දු 26 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 27 ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

විරාට් කෝලි පන්දු 18 කදී ලකුණු 12 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.  

විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ලකුණු පුවරුව

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල

ක‍්‍රිස් ගේල් - ප. කුල්කරනි     27
විරාට් කෝලි - ඇ. සහ ප. කුල්කරනි    12
ඒ. බී. ඩිවිලියස් - දුවද්දී දැවී ගියා     66
මන්දීප් සිං - නොදැවී     54
දිනේෂ් කාර්තික් - ඇ. රහනේ ප. මොරිස්    8
සෆ්රාෂ් ඛාන් - නොදැවී     1
අතිරේක    12
එකතුව  ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී     180

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:

ඬේවිඞ් විසී, මිචෙල් ස්ටාක්, හර්ෂාල් පටෙල්, යුෂ්වේන්ද්‍ර චාහල්, ශ‍්‍රීනාත් අරවින්ද්

කඩුලූ වැටීම:

1-41(ගේල්), 2-46(කෝලි) 3-159(ඩිවිලියස්), 4-177(කාර්තික්)

පන්දු යැවීම:

ක‍්‍රිස් මොරිස්: 4-0-42-1, ජේම්ස් ෆෝක්නර්: 4-0-42-0, ධාවල් කුල්කරනි: 4-0-28-2, ෂේන් වොට්සන්: 4-0-32-0, අන්කිට් ශර්මා: 3-0-28-0, ස්ටුවට් බිනී: 1-0-1-0

රාජස්ථාන් රෝයල්ස් පිල

අජින්‍යා රහනේ - ඇ. ඩිවිලියස් ප. චාහල්     42
ෂේන් වොට්සන් - ඇ. කාර්තික් ප. අරවින්ද්     10
සංජු සැම්සන් - ඇ. කාර්තික් ප. පටෙල්     5
ස්ටීව් ස්මිත් - ඇ ඩිවිලියස් ප. විසී    12
කරුන් නයිර් - ඇ. කාර්තික් ප. පටෙල්     12
දීපාක් හූදා - ඇ. ස්ටාක් ප. විසී    11
ජේම්ස් ෆෝක්නර් - ඇ. සහ ප. අරවින්ද්    4
ස්ටුවට් බිනී - දුවද්දී දැවී ගියා     0
ක‍්‍රිස් මොරිස් - ඇ. චාහල් ප. ස්ටාක්     0
අන්කිට් ශර්මා - නොදැවී     7
ධාවන් කුල්කරනි - ප. චාහල්     3
අතිරේක    3
එකතුව  ඕවර 19 කදී සියලූ දෙනා දැවී     109

කඩුලූ වැටීම:

1-14(වොට්සන්), 2-33(සැම්සන්), 3-55(ස්මිත්) , 4-79(නයිර්) , 5-87(රහනේ, 6-92(ෆෝක්නර්), 7-92(බිනී), 8-95(මොරිස්), 9-99(හූදා), 10-109(කුල්කරනි)

පන්දු යැවීම:

මිචෙල් ස්ටාක්: 4-0-22-1, ශ‍්‍රීනාත් අරවින්ද්: 4-0-20-2, හර්ෂාල් පටෙල්: 3-0-15-2, ඬේවිඞ් විසී: 4-0-32-2, යුෂ්වේන්ද්‍ර චාහල්: 4-0-20-2

048

 


අදහස් (0)

බැංගලෝර් පිල අවසන් පූර්ව තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.