Last Update  :  2025-03-29 21:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිග් බෑෂ් තරගාවලියට කොරෝනා තර්ජන

බිග් බෑෂ් තරගාවලියට කොරෝනා තර්ජන

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිනෙන් දින ඉහළ යන කොවිඞ්-19 ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් විස්සයි-20 කි‍්‍රකට් තරගාවලියේ අනාගතය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. කී‍්‍රඩකයෝද පවතින සෞඛ්‍ය තත්ත්වය  සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටිති.

කොවිඞ් අසාදිතයන් සිටින බවට හඳුනාගෙන ඇති නවතම කණ්ඩායම බවට සිඞ්නි සික්සර්ස් කණ්ඩායම පත්විය. මින් පෙර කොවිඞ් ආසාදිත කී‍්‍රඩකයන් 12 කට වැඩි කී‍්‍රඩකයන් සංඛ්‍යාවක් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමෙන් සොයා ගැනිණ.

මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමෙන් හරි අඩකට වඩා වයිරසයට ගොදුරු වීමත් සමග පසුගිය සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග කිහිපයක්ම කල් දැමීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. වයිරසය අසාදනය වූ කී‍්‍රඩකයන් අතර මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායක ග්ලේන් මැක්ස්වෙල්ද විය.

මේ හේතුවෙන් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමට ජනවාරි මස 2 වැනිදා පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට මෙන්ම ජනවාරි මස 3 වැනිදා මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට කී‍්‍රඩා කරවීම සඳහා ගිවිසුම් අත්සන් කර නොමැති කී‍්‍රඩකයන් පවා යොදා ගැනීමට සිදුවිය.

කොවිඞ්-19 වයිරසයෙන් ආරක්‍ෂාකාරී වීම සඳහා ඉකුත් 4 වැනිදා සිඞ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත් වීමට නියමිතව තිබූ තරගයට සහභාගී වීමෙන් වැලකී සිටීමට බි‍්‍රස්බේන් හීට් කණ්ඩායමට සිදුවිය.

සිඞ්නි සික්සර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ජැක්සන් බර්ඞ් කියා සිටියේ තමාට සහ තමාගේ කණ්ඩායම් සගයන්ට බිග් බෑෂ් තරගාවලියේ අනාගතය මෙන්ම තම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අවිනිෂ්චිත බවත් දැනෙන බවයි.

-036

 


අදහස් (0)

බිග් බෑෂ් තරගාවලියට කොරෝනා තර්ජන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.