Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බුබුළ කැඩුවොත් බලාගෙනයි

බුබුළ කැඩුවොත් බලාගෙනයි

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ජෛව ආරක්‍ෂිත බුබුලු උල්ලංඝණය කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදමින් සිටී.

මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර ක්‍රීඩකයින් සහ කණ්ඩායම් නිලධාරීන් විසින් කොවිඩ් නියමයන් උල්ලංඝනය කළහොත් ඒ වෙනුවෙන් තරඟයක් අත්හිටුවීමේ සිට දින හතක නිරෝධායන කාලයක් දක්වාත්, තරඟාවලියෙන් නෙරපා හැරීම දක්වාත් බරපතල සම්බාධකවලට යටත් වීමට සිදුවනු ඇත. ක්‍රීඩකයෙකුගේ හෝ තරඟ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකු විසින් ජෛව ආරක්‍ෂිත බුබුලු උල්ලංඝණය කිරීම ඊටත් වඩා බරපතල සම්බාධක වලට යටත් වේ.

හිතාමතාම පිටස්තරයකුට කණ්ඩායම් බුබුල තුළට ඇතුළු වීමට ඉඩ ලබාදුන්න හොත් එම පළමු අතපසුවීම සඳහා රුපියල් කෝටියක් දක්වා දඬුවමකට යටත්වීමට සිදුවේ. එම වරද නැවත වරක් සිදුවුවහොත් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණක් හෝ දෙකක් අඩු කිරීමට හේතු විය හැක.

- 2079

 


අදහස් (0)

බුබුළ කැඩුවොත් බලාගෙනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.