Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket භානුක ගාල්ලෙන් දඹුල්ලට
ලංකා ප්‍රිමියර් ලීග්

භානුක ගාල්ලෙන් දඹුල්ලට

editorial - 2022 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මේ 31 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර භානුක රාජපක්ෂ සහ චතුරංග ද සිල්වා සිය කණ්ඩායමට ඍජුවම ඇතුළත් කර ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී භානුක ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දැරු අතර චතුරංග ජැෆ්නා කිංගස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. 

ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීමට තරගාවලියේ සංවිධායකයන් අවසර ලබා දී තිබිණ. ඒ අනුව ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරුවකු වන ඩි’ආසි ෂෝට් සහ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් කටින් විදෙස් ක්‍රීඩකයන් ලෙස ඍජුවම සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටද දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම කටයුතු කර තිබේ. 

එක් එක් කණ්ඩායම්වලට ඉකුත් වසරේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් දේශීය ක්‍රීඩකයන් සිවුදෙනා බැගින්ද, විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද මෙම වසරේදීත් එම කණ්ඩායම්වලම රඳවාගැනීමටද තරග සංවිධායකයන් ඉඩකඩ ලබා දී තිබිණ. ඒ අනුව නායක දසුන් ශානක, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්, තුන් ඉරියව් ක්‍රීඩකරින් වන රමේෂ් මෙන්ඩිස් සහ තරිඳු රත්නායක මෙම වසරේදීත් කණ්ඩායමේ රඳවා ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ. 

කෙසේ වුවත් ඉකුත් වසරේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න මෙම වසරේදී එම කණ්ඩයමෙන් ඉවත්ව ගොස් ඇත. ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර කලම්බො ස්ටාර්ස් කණ්ඩායම විසින් දික්වැල්ලද, කැන්ඩි වොරියර්ස් කණ්ඩායම විසින් චාමිකද මෙම වසර සඳහා ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කරගෙනු ලැබ ඇත.

 


අදහස් (0)

භානුක ගාල්ලෙන් දඹුල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.