Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිත්තත් අතින් ගෙන සිම්බාබ්වේ පිලට එරෙහිව එය කි‍්‍රයාත්මක කිරීමේ අටියෙන් මනුකා ඕවල් තණතීරුවට පා තබද්දී කි‍්‍රස් ගේල් ලකුණු අතරේ සිටි පිතිකරුවකු නොවීය. එනිසාම ඔහු විවේචනයට තුඩුදෙන මාතෘකාවක් බවටද පත්වී තිබිණි.
සිය අවසන් එක්දින තරග 20දී ලකුණු 14.42 ක සාමාන්‍යයක් පමණක් රඳවාගත් ගේල් අන්තිම වරට එක්දින ශතකයක් වාර්තා කළේ 2013 ජූනි මාසයේදීය. එවන් පිතිකරුවකු ලෝක කුසලාන තරගාවලියට කුමට ගෙනාවාද යයි කියාත් ඇතැම්හු ඇසූහ.
ඒ සියලූ කරුණු කාරණා කරපින්නාගෙන මෙවර ලෝක කුසලාන තරගමාලාවට පැමිණි ගේල්ට කොදෙව් පිල සහභාගි වූ පළමු තරග 2 දී රැුස් කිරීමට හැකිවූයේ ලකුණු 36 ක් පමණි.
එසේ වුව ද පාකිස්තානයට එරෙහිව අතිවිශිෂ්ට ජයක් ලැබූ කොදෙව් පිලේ ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ දස්කම් දැකබලා ගැනීමේ බලාපොරොත්තුවෙන් කී‍්‍රඩා ලෝලීහු අතිවිශාල පිරිසක් සිහින් පොදවැස්සේම කැන්බරා නුවරට පැමිණ සිටියහ.
කී‍්‍රඩා ලෝලීන්ගේ බලාපොරොත්තු උදාසීන කරමින් ඞ්වේන් ස්මිත් දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය. ඊට පන්දු දෙකකට පසු ගේල් ද ලකුණු නොලබාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමේ අවදානමට මුහුණු දුන්නත් එය නොදැවීමක් ලෙස විනිසුරු සංඥා කිරීම නිසා යාන්තමින් ගේල්ගේ කඩුල්ල බේරිණ. විනිසුරු තීරණය තුන්වැනි විනිසුරුවරයාට යොමු කළද මිලි මීටර දෙකක වාසිය ගේල්ට ලැබිණ.
සැබවින්ම මිලි මීටරයකට දෙකකට කළ හැකි දේ කොතෙක්ද යන්න නියම වශයෙන් හෙළිදරව් වූයේ මේ තරගයේදීය. තව මිලිමීටර දෙකක් පහළින් පන්දුව ඇදී ගියා නම් එදා දවස මීට වඩා වෙනස්වීමට ඉඩ තිබිණි.
ගේල් පන්දු 105 කදී ලකුණු සියයේ සීමාව සම්පූර්ණ කළ මොහොතේ කොදෙව් කී‍්‍රකට් ලෝලීන් ඇතුළු සියලූ පේ්රක්ෂකයෝ ඔහු යළි ලකුණු අතරට පිවිසීම ගැන සතුටට පත්වූහ. අනතුරුව ගේල් පන්දු 33 කින් ඊළඟ ලකුණු 100 සම්පූර්ණ කිරිම නිසා කී‍්‍රඩාංගණයේ වාතාවරණය එහෙම පිටින්ම වෙනස්විය.
තරගයේ ආරම්භයේ සිටම ඇද හැලූණු පොද වැස්ස හදිසියේම නතරවිය. ගේල් ඔහුගේ සෑම හයේ පහරකින්ම පේ්රක්ෂකයන් ඇවිස්සුවේය. ඔවුන්ටද උඩපන්දු රැුකගැනීමේ අවස්ථාව උදාවිය. ඇතැමුන්ට නම් ඒවා රැක ගැනීමට නොහැකිවිය.
ඇතැම් පේ්රක්ෂකයන් ගේල්ගේ හයේ පහරකින් හිස බේරාගැනීමට උත්සාහ කරන අතරේ තමන් එහි සාක්ෂි කරුවන් බවට පත් කළ එම ඉනිම ට්විටර් වෙඞ් අඩවිය මගින් යාවත්කාලීන කරන්නට ඇතැම්හු හනි හනික පියවර ගත්හ.
අඩුම තරමින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීතිරීති පවා නොදැන සිටි එක්තරා ස්වේච්ඡුා සේවිකාවක් මහත් සොම්නසින් යුතුව තරගය නරඹමින් සිටියාය. එහෙත් තමා මේ නරඹමින් සිටින්නේ කුමක්දැයි හරියටම ඇය දැන සිටියේ ද නැත.
ලෝක කුසලාන තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාව, එක්දින තරගබිමේ තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව එක්දින පිටියේ ඉහළම සම්බන්ධතාව, හයේ පහර 16 ලෝක වාර්තාව සමකිරීම, වේගවත්ම එක්දින ද්විත්ව ශතකය, ඔස්ට්රේලලියානු භූමියේ ඉහළම කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව, එක්දින ද්විත්ව ශතකයක් ලැබූ ඉන්දීය නොවන පළමු පිතිකරුවා, ටෙස්ට් පිටියේ 300ක්, එක්දින පිටියේ 200ක් සහ විස්සයි 20 පිටියේ 100ක් ගැසූ පළමු පිතිකරු... මේවායේ කුමක් හෝ විශේෂත්වයක් ඇතැයි ඇය දැන උන්නාය.
මේවා කළ හැක්කේ ගේල් වැනි පිතිකරුවකුටමය. පොද වැස්සෙන් තෙත්වූ ඒ සති අන්තයේ මනුකා ඕවල් කී‍්‍රඩාංගණයේ තත්ත්වය මුළුමනින්ම වෙනස් ආකාරයේ එකක් විය. එදින තරගය නැරැුඹූ සියලූදෙනා ඉතිහාසයේ සාක්ෂිකරුවෝ වූහ.
”මමත් එතැන හිටියා...” පසු දිනයේ කැන්බරා නුවර කාර්යාල පුරා සේවක සේවිකාවෝ කතා බහ කළහ.
”අපරාදේ...මා ළඟ ටිකට් එකක් තිබිලත් කොදෙව්වන්ගෙන් දැන් එච්චර වැඩක් නැති නිමා මම ගියේ නෑ” යයි තවෙකෙක් කීවෙය.
පන්දු 147 කදී ලෝක වාර්තාගත ලකුණු 215ක් ලබාගැනීමෙන් පසුව ජයග්‍රහණයේ සතුට වි`දගනිමින්, පාදයේ මස් පෙරළාගනිමින්ද අන්තිමේ දී දුරින් දුරින් අඩි තබා ගේල් කී‍්‍රඩකයන්ගේ කුටියට පැමිණියේය. සගයන් ඔහුට සුබ පතන්නට නොඉවසිල්ලෙන් යුතුව බලා සිටියේ 48 වැනි ඕවරයේ සිටමය. ඕවර 50 පුරා තමාට වශීවී සිටි කී‍්‍රඩාලෝලීන්ට කෘතඥතාව පළ කරමින් ගේල් එම ඉනිම ගැන කතා කරන්නට පටන් ගත්තේය.
”ලකුණු අතරට නොපැමිණි නිසා මට ලොකු පීඩනයක් තිබුණා”
”මං ලකුණු රැස් කරනවා දකින්න හුඟාක් අයට ඕන වුණා. ඔවුන්ගේ සතුට වෙනුවෙන් මොනවා හරි දෙයක් දෙන්න ලැබීම ගැන මට සතුටුයි” ඔහු පැවසීය.
ලෝක කුසලාන තරග අර්ථ ගන්වන්නේ ගේල් වැනි කී‍්‍රඩකයන්ය. බ්‍රෙන්ඩන් මැකලම්ගේ වේගවත් අර්ධ ශතකයත්, එම තරගයේ දීම ටිම් සවුති ලකුණු 33 කට කඩුලූ 7 ක් දවාලීමත් ඇතුළුව දැනටමත් එවැනි විශිෂ්ට දස්කම් කිහිපයක් දැකගැනීමට ලැබී ඇත.
ලෝක කුසලාන තරගමාලාවේ කැපී පෙනෙන කී‍්‍රඩකයා කවුරුන්ද යන්න කළ රූපවාහිනී මත විමසුමකදී ඩිවිලියර්ස්, මැක්ස්වෙල් හා අෆ්රිඩි යන නම් දැරූ පිතිකරුවන් එහි සිටියත් 66 %ක ප්‍රතිශතයක් ලැබී තිබුණේ කි‍්‍රස් ගේල්ටය.
ජය පරාජය යන දෙක සම සමව බෙදා ගනිමින් මෙවර තරගමාලාව ආරම්භ කළ කොදෙව් පිලට ගේල්ගේ ඉනිම විශාල ධෛර්යයක් වී තිබේ.
අයර්ලන්තය හමුවේ පරාජය වූ නමුත් දැන් ඔවුන් අර්ධ අවසන් පූර්වට වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවාගෙන සිටී. එබැවින් බිය නොමැතිව ඕස්ටේ්රලියාවට හෝ නවසීලන්තයට මුහුණදීමට හැකි මට්ටමක කොදෙව් පිල පසුවෙයි. එබැවින් ගේල්ගේ මේ ඉනිම කොදෙව්වන්ට උත්තේජකයක්ම විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.