Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මදුෂාන් - කුෂාන් සර්වේෂස් විදුහලට ජය ගෙනෙති

මදුෂාන් - කුෂාන් සර්වේෂස් විදුහලට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සර්වේෂස් විදුහලේ මදුෂාන් ද සිල්වා ලකුණු 22 කට කඩුලු 4 ක්ද, කුෂාන් විජේරාම ලකුණු 24 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ධර්මාශෝක ඉනිම සුනුවිසුණු කළහ.

ධර්මාශෝක විදුහල - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 115  
(කවීන් සමරහේවා 43, මනීෂ රෂ්මික 23, මදුෂාන් ද සිල්වා 22/4, කුෂාන් විජේරාම 24/3, දමිඳු සංකල්ප 21/2)

ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 46 කදී කඩුලු 8 ක් දැවී 116  
(දිනිරු අබේවික්‍රමසිංහ 47, චරිත් නෙත්තරු 20, අරෝෂ්න ද සිල්වා 18/2, සහන් සංකල්ප 31/2)

-036

 


අදහස් (0)

මදුෂාන් - කුෂාන් සර්වේෂස් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.