Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව වාරණයක්

මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව වාරණයක්

editorial - 2023 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ කටයුතු කරන සියලු දෙනාටම බලපැවැත්වෙන පරිදි, කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඕස්ටේ්‍රලියාවේදී පැවැති 2022 ලෝක කුසලාන තරගාවලියේදී සිදුවූයේ යැයි කියැවෙන සිද්ධීන් පිළිබඳව, ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලද විගණන කෙටුම්පත, විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය වෙත පමණි. පසුව, අවශ්‍ය පිළිතුරු බැඳීම් සඳහා, ක්‍රීඩා අමාත්‍යංශය විසින් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යවනු ලැබිණ.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසින් විවිධ ප්‍රකාශ නිකත්කර ඇත්තේ මෙම විගණන කෙටුම්පතෙහි අඩංගු කරුණු සම්බන්ධයෙනි.

තවමත් අවසන් කර නැති ලියවිල්ලක් ප්‍රස්තූත කරගනිමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ෘඵඍ 1435/23 යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතිමය පියවර ගෙන තිබේ. ඒ අනුව හේෂා විතානගේ මන්ත්‍රීවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට අයත් සියලු දෙනාටම බලපැවැත්නෙ පරිදි කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

(ඡායාරූපය - පාර්ලිමේන්තු නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)

- 213


අදහස් (0)

මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.