Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මයිකල් ක්ලාක් පිටියට බසී

මයිකල් ක්ලාක් පිටියට බසී

ශනුක අරවින්ද - 2015 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදයේ කලව පිටුපස මස්පිඩුවේ ආබාධයකට ලක්වීමත් දිගින් දිගටම පැවැති කොන්දේ වේදනාවත් නිසා ශල්‍යකර්මයකට මුහුණ දී සිටි  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් අද (5 වැනිදා) නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට පිවිසියේය.
 
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතන පිල නියෝජනය කරමින් බංග්ලාදේශයට එරෙහිව සිඞ්නිහිදී පැවැති පුහුණු තරගයකට සහභාගි වූ ක්ලාක් එහිදී පන්දු  ඕවර 2 ක් යැවූ අතර තරමක් වේගවත් ලකුණු 34 ක්ද ලබාගත්තේය.

සාමාන්‍යයෙන් පන්දු නොයවන ක්ලාක් අද පැවැති නිල නොවන එක්දින තරගයේදී දග පන්දු යවමින්  ඕවර දෙකක් යැවීමට සහාය විය.

මේ වන විට 33 වැනි වියේ සිටින ක්ලාක්ගේ පාදයේ කලව පිටුපස මස්පිඩුවේ පැවැති ආබාධයක් හේතුවෙන් ඉන්දීය පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් විය. ආබාධය නිසා ශල්‍යකර්මයකට මුහුණ දුන් ක්ලාක් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එක්වීමේ දුෂ්කර වෑයමක නිරතව සිටී.

සිඞ්නි කී‍්‍රඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති දේශීය තරගයකදී සිඞ්නි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 51 ක් ලබාගත් ක්ලාක්, අද පැවැති තරගයේදී හතරේ සීමාව අසළත්, පසුව ස්ලිප් ස්ථානයේත් පන්දු රැුකීමේ යෙදිණ. පැය දෙකක පමණ කාලයක් පිටියේ රැඳුණු ක්ලාක් ආපසු කී‍්‍රඩාගාරයට ගියේ කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ කැඳවීමක් අනුව යයි අනුමාන කෙරේ.

පසුව පිතිකරුවකු සේ පිටියට පිවිසි ක්ලාක් විනාඩි 47 ක් පුරා පන්දුවට පහර දෙමින් පන්දු 36 කදී ලකුණු 34 ක් ලබාගත් අතර ශබීර් රහමන්ගේ පන්දුවකින් දැවී ගියේය. මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නම් මේ මස 21 වැනිදාට පෙර තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කරන ලෙස  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය මයිකල් ක්ලාක්ට කල්දී තිබේ. එහෙත් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ මේ මස 14 වැනිදාය.

මේ මස 14 වැනිදා ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන තරගයත්  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් නුවරදී පැවැත්වෙන තරගයත් තරගාවලියේ සමාරම්භක තරග වෙයි.

 ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු ඩැරන් ලීමන් මහතා පෙරේදා ප‍්‍රකාශ කළේ මයිකල් ක්ලාක් නියමිත කාලසටහනට වඩා ඉදිරියෙන් සිටිමින් සුවය ලබමින් සිටින බවයි
ලෝක කුසලාන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියාව ඇතුළත් ‘ඒ’ කාණ්ඩයෙන් ශී‍්‍ර ලංකාවද තරග කරයි. ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය මාර්තු මස 8 වැනිදා සිඞ්නි පිටියේදී පැවැත්වීමට නියමිතය.

යම් හෙයිකින් මයිකල් ක්ලාක්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වුවහොත් ස්ටීවන් ස්මිත්  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයා වනු ඇත.


අදහස් (0)

මයිකල් ක්ලාක් පිටියට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.