Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා දෙවිදුහල් අතර 36 වැනි වරටත් සංවිධානය කෙරෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙම මස 22 සහ 23 දෙදින කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
‘ඇතුගල්පුර සටන’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පවත්වා ඇති තරග 35 න් තරග 05 ක් මලියදේව විද්‍යාලය ජයගෙන ඇති අතර අනෙක් තරග 30 ම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
පස්වැනි වසරේ ක්‍රීඩකයෙකු වන, කවීන් බණ්ඩාර මලියදේව කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. කවිඳු රණසිංහ ශාන්ත ආනා විදුහල් ක්‍රිකට් කණ්ඩායමෙි නායකයා ලෙස කටයුතු කරයි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම තුන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් ක්‍රීඩකයෝ වෙති.
මලියදේව කණ්ඩායම මෙවර පාසල් ක්‍රිකට් වාරයේදි තරග දෙකක් ජයගෙන දස්කම් අතින් ඉහළ මට්ටමේ සිටින කණ්ඩායමකි. මලියදේව නායකයා කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 126 ක් වාර්තා කර ඇත. උපනායක සුපුන් සුමනරත්න ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 175 ක් වාර්තා කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේදි ලකුණු 1040 ක් ලබා සිටින දක්ෂ පිතිකරුවෙකි.
මලියදේව කඩුළු රකින්නා වන මුදිත ප්‍රේමදාස ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ ක්‍රීඩකයෙකු වන අතර ඔහු මේ වනවිට ලකුණු 980 ක් රැස්කර ඇති දක්ෂ පිතිකරුවෙකි. මධුරංග නවීන් කඩුළු 60 ක් ලබාගෙන ඇති පන්දු යවන්නෙකි.
ශාන්ත ආනා කණ්ඩායමේ නායක කවිඳු රණසිංහ මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී අර්ධ ශතක තුනක්ද සමග ලකුණු 689 ක් රැස්කර තිබේ. පන්දුවෙන්ද දස්කම් දක්වන ඔහු වමතින් පා දඟ පන්දු යවන්නෙකි. උපනායක ලලිත් වර්ණකුලසූරිය, ක්‍රිෂාන්ත ජයතිලක, මයාස් මුසමිමිල්, පසිඳු තෙන්නකෝන් යන ක්‍රීඩකයෝ මෙවර පාසල් තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ වෙති.
මලියදේව කණ්ඩායම :- |
ශාන්ත ආනා කණ්ඩායම :- |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.