Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය ප්‍රදේශය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා මෙතෙක් කලක් මහත් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය මල්ඵල ගන්වමින් මල්ලාකම්හි ඉදිකර තිබෙන ‘මල්ලාකම් ශ්‍රී බාස්කරන් ක්‍රිකට් ක්‍රීඩාංගණය‘ ක්‍රීඩක අයිතියට පැවරීම ඉකුත් සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන ‘ක්‍රිකට් ගමට‘ වැඩපිළිවෙළ යටතේ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. මෙම ක්‍රීඩාංගණ විවෘත කිරීමට සමගාමීව යාපනයේ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතුව සිටින කාන්තා සහ පිරිමි ක්‍රීඩා සමාජ වලට ක්‍රිකට් උපකරණ ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
යාපනය ප්‍රදේශයේ විසූ ප්‍රකට දානපතියකු මෙන්ම සමාජ සේවකයකු වන නැසී ගිය ශ්‍රී බාස්කරන් මහතාට අයත් භූමියක ඉදිකර තිබෙන මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් යාපනය දිස්ත්‍රික්කයේ ලේකම් කනවතී පිල්ලෙයි මහසෙන් මහතා සහභාගිවීය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යාපෘති සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සිවාසිරි, 51 වැනි සේනාංක සේනාධිංකාධිපති මේජර් ජනරාල් කේ. පී. එස්. ප්‍රේමලාල්, බි්‍රගේඩියර් ඒ. එස්. එම්. ෆාරිස්, යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති අමලදාස් සෙරේනස් නිශාන්තන් සහ එම සංගමයේ ලේකම් කාසිනාදන් සසිකරන් යන මහත්වරුන්ද ඊට සහභාගි වූ අතර ශ්‍රී බාස්කරන් පදනම වෙනුවෙන් ඒ මහතාගේ භාර්යාව වන ශ්‍රී බාස්කරන් මහත්මියද සහභාගිවී සිටියාය.
අදියර කීපයක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන මෙම ක්‍රීඩාංගණයේ මූලික අදියර යටතේ මැටි තණතීරුවට අමතරව පැති පුහුණු තණතීරු 2 ක්, කාර්යාල පරිශ්‍රයක් සහ ක්‍රීඩාගාරයක් විවෘත කරනු ලැබීය. මෙහි දෙවැනි අදියර වශයෙන් තණතීරු එළිම සිදු කෙරෙන අතර එහිදී ක්‍රීඩාංගණයේ කාණු පද්ධතිය, කායවර්ධන මධ්‍යස්ථානයක්, ලකුණු පුවරුවක්, දර්ශන තිර, ක්‍රීඩක විවේකාගාරය, ප්‍රේක්ෂකාගාර මෙන්ම ගෘහස්ථ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් මෙන්ම නඩත්තු උපකරණ ලබා දීමටද නියමිතය.
මල්ලාකම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාලන කටයුතු සියල්ල යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සිදුකරනු ලබන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 26 ක් සහ පාසල් 16 කට මෙම ක්‍රීඩාංගණය භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.