Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

මහනාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2019 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහනාම විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය.

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබාගැනීමට මහනාම විද්‍යාලය සමත්විය. 

පවන් රත්නායක (නොදැවී 80) සහ විනුක රූබසිංහ (50) අර්ධ ශතක ලබාගනිමින් මහනාම විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ත්‍රිත්ව විද්‍යාලය - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 202
(අවිෂ්ක සේනාධීර 48, චානුක කුමාරසිංහ 43, අභිෂේක් ආනන්දකුමාර 20, චමල් පොල්ගම්පොල 18/2, ළහිරු විතාන 28/2, පැතුම් බොතේජූ 44/2)

මහනාම විද්‍යාලය - ඕවර 43.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 205
(පවන් රත්නායක නොදැවී 80, විනුක රූබසිංහ 50, සොනාල් ගමගේ 28, පවන්ත වීරසිංහ 27 )


අදහස් (0)

මහනාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.