Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර අද (29 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ ඕවර 42 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ සහන් ආරච්චිගේ පන්දු 74 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ලකුණු 97 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී කමිල් මිෂාර (63) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සහන් සමත් වූ අතර පන්දු 104 කදී වාර්තා වූ මිෂාරගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට ඕවර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215 ක් පමණි. කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විෂාද් රන්දික පන්දු 51 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 59 ත් රැස්කළේය.
ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ පන්දු 57 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක්ද, දුෂාන් විමුක්ති පන්දු 71 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 48 ක්ද රැස්කරමින් කොළඹ ඉනිම සවිමත් කළහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර නිලකුණු ඕවරයක් සමග ඕවර 7.1 ක් යවමින් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.
කොළඹ පිල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 215
(ක්‍රිෂාන් සංජුල 25, චමිඳු වික්‍රමසිංහ 40, දුෂාන් විමුක්ති 48, විෂාද් රණ්දික නොදැවී 59, ළහිරු කුමාර 27/3, වනුජ සහන් 39/2)
මහනුවර පිල - ඕවර 42 කදී කඩුලු 4 ක් දැවී 221
(නිරෝෂන් දික්වැල්ල 50, කමිල් මිෂාර 63, අහන් වික්‍රසිංහ 17, සහන් ආරච්චිගේ නොදැවී 58, චාමික කරුණාරත්න නොදැවී 20, ප්‍රභාත් ජයසූරිය 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.