Last Update  :  2025-03-28 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු එක්කාසු කරති
එන්.එස්.එල්. - 2025

මහනුවර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු එක්කාසු කරති

editorial - 2025 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලකුණු 354 ක මුල් ඉනිමේ වාසියක් තිබියදීත් නැවත වතාවක් පිති අතට ගත් මහනුවර ක්‍රීඩකයෝ හැකිතරම් ප්‍රසාද ලකුණු රැසක් ගොඩගසා ගැනීමට සූදානම් වෙති. 

හම්බන්තොටදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලියේ තරගයකදී කොළඹ කණ්ඩයම ලකුණු 106 කට දවාගත් මහනුවර ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය වන අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටියේය. 

දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි පැතුම් නිස්සංක, ඉනිම 6 කට පසුව තරමක් ස්ථාවර බවක් පෙන්වමින් දිනය අවසන් වන විට නොදැවී ලකුණු 10 ක් ලබා සිටියේය. 

පළමු දිනය නිමාවේදී කඩුලු 5 කට ලකුණු 382 ක් ලබා සිටි මහනුවර පිල අද උදෑසන ලකුණු 78 ක් ඇතුළත ඉතිරි කඩුලු 5 ම අහිමි කරගත්තේය. ඒ අතරවාරයේදී රවිඳු ප්‍රනාන්දු පන්දු 69 කදී ලකුණු 53 ක් ලබාගත්තේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. 

කොළඹ කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් නවෝද් පරණවිතාන (22) සහ අවිශ්ක ප්‍රනාන්දු (19) එක්ව ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් අවිශ්කගේ දැවී යාමත් සමගින් ලකුණු 63 ක් ඇතුළත සම්පූර්ණ කණ්ඩායමම දැවී ගියේය. ශිරාන් ප්‍රනාන්දු (49/4), චමිඳු වික්‍රමසිංහ (08/2) සහ සහන් නානායක්කාර (18/3) එක්ව කඩුලු 9 ක් බෙදා ගත්හ. 


මහනුවර - පළමු ඉනිම 460 යි
(ජනිශ්ක පෙරේරා 48, කමිල් මිෂාර 172, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, චමිඳු වික්‍රමසිංහ 15, රවිරු ප්‍රනාන්දු 53, ශිරාන් ප්‍රනාන්දු 11, කසුන් රාජිත 80/3, නිශාන් පීරිස් 101/3, දුෂාන් හේමන්ත 91/2)

කොළඹ - පළමු ඉනිම 106 යි
(නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19, ධනංජය ලක්‍ෂාන් 17, ශිරාන් ප්‍රනාන්දු 49/4, චමිඳු වික්‍රමසිංහ 08/2, සහන් නානායක්කාර 18/3)

මහනුවර - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 26
(පැතුම් නිස්සංක නොදැවී 10, ජනිෂ්ක පෙරේරා නොදැවී 15)

 

සහන් නානායක්කාර...


අදහස් (1)

මහනුවර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු එක්කාසු කරති
  • lionel Sunday, 23 March 2025 08:34 AM

    මහනුවර කණ්ඩායම

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.