Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 117 ක් ඉදිරියෙන්
නැෂනල් සුපර් ලීග්

මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 117 ක් ඉදිරියෙන්

editorial - 2022 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 6 වැනි තරගයේ දෙවැනි දිනය (11 වැනිදා) නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 94 ක් ලබා කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 117 ක් ඉදිරියෙන් සිටියේය.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට නායක කමිඳු මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 48 ක්ද, සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 5 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව මහනුවර දෙවැනි ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 31 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 63 ක් වන විට මහනුවර දෙවැනි ඉනිමේ මුල් කඩුලු 3 ම දවාගැනීමට ලක්ෂිත මානසිංහ සමත් විය. මහනුවර පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු දෙවැනි ඉනිමේදී ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමටද ලක්ෂිතට හැකි විය.

පළමු දිනය වූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 28 ක් ලබා සිටි කොළඹ ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 190 ක් එක්කර ගත්හ. එහිදී ළහිරු මධුෂංක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 80 ක්ද, ලක්ෂිත මානසිංහ හතරේ පහර 7 ක් සමග ලකුණු 53 ක්ද රැස්කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 38 කට කඩුලු 3 ක්ද, අෂේන් ඩැනියෙල් ලකුණු 51 කට කඩුලු 3 ක්ද බිදහෙළමින් කොළඹ පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ. කොළඹ පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් සචිඳු කොළඹගේ ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය.

මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 241
කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 218
(නිසල තාරක 24, ළහිරු මධුෂංක නොදැවී 80, ලක්ෂිත මානසිංහ 53, ප්‍රභාත් ජයසූරිය 20, අසිත ප්‍රනාන්දු 38/3, අෂේන් ඩැනියෙල් 51/3, සචිඳු කොළඹගේ 37/2)
මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 94
(කමිල් මිෂාර 25, කමිඳු මෙන්ඩිස් නොදැවී 48, ලක්ෂිත මානසිංහ 40/3)

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 117 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.