Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර දෙවැනි ජයත් ලබයි

මහනුවර දෙවැනි ජයත් ලබයි

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස කොළඹ උතුර කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය කොළඹ උතුර කණ්ඩායමට ඕවර 35.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. ආරම්භක පිතිකරු බිනෝද් සන්දිල් පන්දු 63 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 67 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 
 
දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ සනිතු ගුණතිලක ලකුණු 17 කට කඩුලු 3 ක්ද, කුසල් බණ්ඩාර ලකුණු 19 කට කඩුලු 3 ක්ද, විහඟ නෙතුසර ලකුණු 27 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් කොළඹ උතුර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් ලබාගත් අතර එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ යෙනුල හේවාවිතාරණ පන්දු 103 කින් ලකුණු 50 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. එහිදී ශම්ම ජොනතන් ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගත්තේය. 


මහනුවර පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 147 
(සනිතු ගුණතිලක 15, යෙනුල හේවාවිතාරණ 50, ශම්ම ජොනතන් 28/4, අබ්දුල් රහුමාන් 12/2) 

කොළඹ උතුර පිල - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 133 
(බිනෝද් සන්දිල් 67, මිනුක දිම්සර 16, සනිතු ගුණතිලක 17/3, කුසල් බණ්ඩාර 19/3, විහඟ නෙතුසර 27/3) 

-036 


අදහස් (0)

මහනුවර දෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.