Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලියේ සිවුවැනි සතිය නිමාවට පත්වන විට තවදුරටත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට මහනුවර කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ඔවුහු ඉන් එක් තරගයක් පරාජය වී, තරග 3 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු 42.235 ක් ලබා සිටිති.
මේ දක්වා සහභාගි වූ තරග තුනෙන් තරග 2 ක් ජය ගෙන සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින කොළඹ කණ්ඩායම (ලකුණු 39.640) ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. ඒ අනුව කොළඹ කණ්ඩායම කෙමෙන් කෙමෙන් ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මහනුවර කණ්ඩායමට පීඩනයක් එල්ල කරමින් සිටියි.
මේ දක්වා සහභාගි වූ තරග තුනෙන් එක් තරගයක් ජයගෙන, සෙසු තරග දෙක ජය පැරදුමෙන් තොරව අවසන් කර ගෙන සිටින ගාල්ල කණ්ඩායම ලකුණු 32.890ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ සිටියි. යාපනය කණ්ඩායම (ලකුණු 19.875) සහභාගි වූ තරග 3 න් එක් තරගයක් පරාජය වී, තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියි.
මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් තරග 4 ක ඉනිම් 8 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 649 ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායමේ ඕෂධ ප‍්‍රනාන්දු තරග 4 ක ඉනිම් 8 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 476 කි.
දඹුල්ල කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර තරග 3 ක ඉනිම් 5 කදී කඩුලූ 18 ක් දවාගනිමින් මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. අවස්ථා 3 කදී කඩුලූ 5 බැගින් දවාගැනීමටද මාලින්ද සමත්වී ඇත. එම ලැයිස්තුවේ ඔහුට පසුපසින් සිටින කොළඹ කණ්ඩායමේ ප‍්‍රභාත් ජයසූරිය තරග 3 ක ඉනිම් 6 කදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 15 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.