Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර පිල ලකුණු සටහනේ පෙරමුණට

මහනුවර පිල ලකුණු සටහනේ පෙරමුණට

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලියේ දෙවැනි සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත්වී තිබේ. මේ දක්වා තරග දෙකකට සහභාගි වී ඇති ඔවුහු එම තරග දෙකම ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු 24.765 ක් ලබා සිටිති. 

මේ දක්වා සහභාගි වූ තරග දෙකෙන් එක් තරගයක් ජය ගෙන සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින කොළඹ කණ්ඩායම (ලකුණු 22.250) ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. ඉකුත් සතියේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ඔවුන් ජය ලැබුවේ ඉනිමකින් සහ ලකුණු 132 කිනි. 

මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජය පැරදුමෙන් තොරම අවසන් කර ගෙන සිටින යාපනය කණ්ඩායම ලකුණු 15.685 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ. ගාල්ල කණ්ඩායම (ලකුණු 3.750) සහභාගි වූ එකම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියි. 

මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් තරග 2 ක ඉනිම් 4 කදී ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 327 ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායමේ සහන් ආරච්චිගේ තරග 2 ක ඉනිම් 4 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 305 කි. 

කොළඹ කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය තරග 2 ක ඉනිම් 4 කදී කඩුලු 11 ක් දවාගනිමින් මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. එම ලැයිස්තුවේ ඔහුට පසුපසින් සිටින මහනුවර කණ්ඩායමේ අවිඳු තීක්ෂණ තරග 2 ක ඉනිම් 2 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7 කි. 


අදහස් (0)

මහනුවර පිල ලකුණු සටහනේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.