Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 74 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම ඕවර 28 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ යෙනුල හේවාවිතාරන පන්දු 49 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 15 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳරු මල්ෂාන් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 7 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් නමුත් ගාල්ල කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය. එහිදී තරුන් වනසිංහ සහ තියෝන් හේලික කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායමට කුසල් බණ්ඩාර ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 73 ක් පමණි. එහිදී කුසල් ඕවර 4 ක් යවමින් ලකුණු 11 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ගාල්ල පිල - ඕවර 20.4 කදී සියලු දෙනා දැවී 73
(රවීන් සචින්ත 16, තියෝන් හේලික 25, කුසල් බණ්ඩාර 11/4, චනුල් කොඩිතුවක්කු 22/2)
මහනුවර පිල - ඕවර 28 කදී කඩුලු 7 ක් දැවී 74
(සනිතු ගුණතිලක 16, යෙනුල හේවාවිතාර නොදැවී 15, සඳරු මල්ෂාන් 15/3, තරුන් වනසිංහ 15/2, තියෝන් හේලික 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.