Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවරට පළමු ඉනිමේ ජයක්
නැෂනල් සුපර් ලීග්

මහනුවරට පළමු ඉනිමේ ජයක්

editorial - 2022 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)
මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අතර නැෂනල් සුපර් ලීග් තරගාවලිය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගය (පළමුපෙළ) ජය පරාජයෙන් තොරව අද (27 වැනිදා) අවසන් විය.

පළමු ඉනිමේ ජයග්‍රහණයක් සොයා අද උදෑසන පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 465 ක් පමණි. තෙවැනි දිනට තරගය අවසන් කරන විට කඩුලු 8 කට ලකුණු 388 ක් රැස්කරගෙන සිටි ගාල්ල පිලේ පිතිකරුවන්ට අද උදෑසන ඉතුරි කඩුලු 2 අහිමිවි වනවිට ඉනිමට එක් කිරීමට හැකිවූයේ ලකුණු 77 ක් පමණි. ඒ අනුව තවත් ලකුණු 17 ක් පසුපසින් ඉනිම අවසන් වූ ගාල්ල පිලට පළමු ඉනිමේ පරාජයක් අත්විය.

පබසර වඩුගේ (128) සහ සුමින්ද ලක්ෂාන් (106) ශතක ලබාගනිමින් ගාල්ල පිලේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමීමට සමත්වුවද බලාපොරොත්තු නොවූ ලෙස සුළු ලකුණු පරතරයකින් පළමු ඉනිම අවසන් කිරීමට සිදුවිය.

සහන් ආරච්චිගේ කඩුලු 3 ක් ද, නිපුන් රන්සික, අසිත ප්‍රනාන්දු සහ අවිඳු තීක්‍ෂණ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 17 ක පරතරයක් තබාගනිමින් දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි මහනුවර කණ්ඩායම තරගය අවසන් කරන විට කඩුලු 5 කට ලකුණු 253 ක් ලබාගැනිමට සමත්විය. ඒ අනුව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 270 ක් ඉදිරියෙන් මහනුවර පිල සිටියේය.

පන්දු 175 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඕෂද ප්‍රනාන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 122 ක් ලබාගැනීමට සමත්විය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී (55) අර්ධ ශතක් ලබාගත්තේය.

ධනංජය ලක්ෂාන් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.


මහනුවර පළමු ඉනිම - සියලුදෙනා දැවී 482
(ළහිරු උදාර 92, ලසිත් කෘස්පුල්ලේ 93, ඕෂද ප්‍රනාන්දු 35, කමිඳු මෙන්ඩිස් 111, කසුන් විදුර 58, සහන් ආරච්චිගේ 52, පුලින තරංග 20, හේෂාන් හෙට්ටිආරච්චි 64/4, නිමේෂ් විමුක්ති 120/3, චානක රුවන්සිරි 96/2)

ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 465
(සංගීත් කුරේ 36, පබසර වඩුගේ 128, හෂාන් දුමිඳු 23, සචින්ත පිරීස් 24, ප්‍රියමාල් පෙරේරා 23, චානක රුවන්සිරි 26, සුමින්ද ලක්ෂාන් 106, හේෂාන් හෙට්ටිආරච්චි 43, සහන් ආරච්චිගේ 62/3, නිපුන් රන්සික 66/2, අසිත ප්‍රනාන්දු 89/2, අවිඳු තීක්‍ෂණ 110/2)

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 253
(ඕෂද ප්‍රනාන්දු නොදැවී 122, කමිඳු මෙන්ඩිස් 55, කසුන් විදුර 28, සහන් ආරච්චිගේ 26, ධනංජය ලක්ෂාන් 24/3)

 


අදහස් (0)

මහනුවරට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.