Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා පිල සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සාජා ක‍්‍රීඩාංගණයේදී හෙට (18 වැනිදා) පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන හිටපු නායක මහේල ජයවර්ධන මෙම තරගාවලියට සහභාගි නොවීම ශ්‍රී ලංකා පිල පැත්තෙන් බලන විට දැඩි අවාසිසහගත තත්ත්වයකි. මහේල පෞද්ගලික හේතුවක් මත විස්සයි20 සහ එක්දින තරගාවලියෙන් ඉවත්ව සිටියි.
ශ්‍රී ලංකා පිලට සිය ජ්‍යෙෂ්ඨතම පා දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ සේවයද එක්දින තරගාවලියේදී අහිමිවී තිබේ. හේරත්ගේ මෑණීයන් අභාවප‍්‍රාප්ත වීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුට මෙම තරගාවලියෙන් ඉවත්ව සිටීමට අවසර දී තිබේ.
හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන්නා ලෙස සීකුගේ ප‍්‍රසන්න ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. සීකුගේ වේගයෙන් ලකුණු රැස්කිරීමට ද හැකියාව ඇති ක‍්‍රීඩකයකු වීම නිසා කණ්ඩායමේ ස්ථානය හිමිවන බවට සාජා නුවරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභා වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ එක්දින ක‍්‍රීඩක සම්මාන ලැබූ කුමාර් සංගක්කාර මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල චරිතය බවට පත්වනු ඇත. යොවුන් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත්ගේ පිතිහරඹය ද මෙහිදී ශ්‍රී ලංකා පිලේ ජයග‍්‍රහණයේ ප‍්‍රධාන සාධකයක් විය හැකිය.
මෙම සංචාරයට පිටත්ව යෑමට පෙර ශ‍්‍රී ලංකා එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ පාකිස්තානු පිල කිසිසේත්ව සැහැල්ලූවට ලක් කිරීමට නොහැකි කණ්ඩායමක් බවයි.
”පාකිස්තානු කණ්ඩායම මෑතකදී දකුණු අප‍්‍රිකානු පිල දකුණු අප‍්‍රිකාවේදීම පරාජය කළා. පාකිස්තානයට එරෙහිව 2012 වසරේ ඩුබායි සංචාරය අපි සාර්ථකව කළේ නෑ. ඒ නිසා මේ සංචාරය හොදින් අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”
”පාකිස්තානු කණ්ඩායමේ එක ක‍්‍රීඩකයකු නම් කරන්න බෑ, එකොළොස් දෙනාම එක හා සමානව දක්‍ෂයි. ඒ නිසා සියලූ දෙනාම සැළකිල්ලට ගත යුතුයි. පාකිස්තානු කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක්, ඒ නිසා සාර්ථකව මුහුණ දිය යුතුයි” යැයි එහිදී ශ්‍රී ලංකා නායකයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසන්නේ ශ්‍රී ලංකා පිල උපරිම දස්කම් දක්වා තිබෙන බවත් මෙම තරගාවලියේදී හොඳ සටනක් දීමට ශ්‍රී ලංකා පිල සූදානම් බවය.
‘‘පාකිස්තානු කණ්ඩායමට මෙහි තරග පැවැත්වීමේදී වාසියක් තිබෙනවා. ඒවගේම ඔවුන් සතුව දක්‍ෂ ක‍්‍රීඩකයන් ඉන්නවා’’ යැයි ග‍්‍රැහැම් ෆෝඞ් මහතා වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිල පසුගිය නොවැම්බර් මස අග දකුණු අප‍්‍රිකාවේදී පැවැති එක්දින තරගාවලියේදී 2-1 ක් ලෙස දකුණු අප‍්‍රිකාව පරාජය කළේය.
එසේ වුවත් නොවැම්බර් මුල එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අවසන් වරට සහභාගි වූ එක්දින තරගාවලියේදී දකුණු අප‍්‍රිකාව හමුවේ 4-1 ක් ලෙස පරාජයට පත්වීමේ පසුතැවිල්ල පාකිස්තානු පිල නැතුවාම නොවේ.
පාකිස්තානු එක්දින පිලේ නායක මිස්බා උල් හක් පවසන්නේ පාකිස්තානය එක්දින ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන දෙකක් පහළින් හයවැනි ස්ථානයේ සිටින බවත් පීඩනය හමුවේ තම ක‍්‍රීඩකයන්ට විශ්වාසය සහ ශක්තිය ගොඩනගාගත හැකි බවයි.
‘‘මෙම තරගාවලිය පිළිබඳව අපිට හොඳ විශ්වාසයක් තිබෙනවා. දකුණු අප‍්‍රිකානු සංචාරයේදී හොඳ ශක්තියක් ලබා ගත්තා. පීඩනය හමුවේ හොඳ ප‍්‍රතිඵල ලැබීම පාකිස්තානු පිලේ හැකියාවයි. දකුණු අප‍්‍රිකානු සංචාරයේදී පීඩනය හමුවේ හොඳින් ක‍්‍රීඩා කළා’’
‘‘මෙම තරගාවලිය සුළුවට හිතන්නේ නෑ. අපි තෘප්තිමත් වෙන්නේ ප‍්‍රබල ප‍්‍රතිවාදියා පරාජය කළ පසුවයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රබලයි’’ යැයි පාකිස්තානු පිලේ නායකයා වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිලට ඔවුන්ගේ ප‍්‍රබලතම පන්දු යවන්නකු වන අඩි හතයි අ`ගලක් උස වේග පන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් ඉර්ෆාන් අහිමිවීම මෙම තරගාවලියේදී දැඩි පාඩුවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වා එක්දින ක‍්‍රිකට් තරග 132 ක් පවත්වා ඇති අතර ඉන් තරග 77 ක් පාකිස්තානය ජය ලබා තිබේ. ශ්‍රී ලංකාව තරග 50 ක් ජය ලබා ඇති අතර තරගයක් සමව ද, තරග හතරක් විසඳුමකින් තොරව ද අවසන් වී තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ සීකුගේ ප‍්‍රසන්න
පාකිස්තානු එක්දින සංචිතය:
මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හෆීස්, සහිඞ් අෆ්රිඩි, සොයිබ් මක්ෂූඞ්, උමාර් අක්මාල්, අබ්¥ර් රෙහ්මාන්, අන්වර් අලී, බිලවල් භාටි, ජුනයිඞ් ඛාන්, සයිඞ් අජ්මාල්, සොහෙල් තන්වීර්, අහ්මඞ් ශෙෂාඞ්, ශර්ජීල් ඛාන්, අසාද් ශාෆික් සහ හරිස් සොහයිල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.