Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මස ආරම්භවීමට නියමිත අයි.පී.එල් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් පිල සමගින් පුහුණුවීම් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ මහේෂ් තීක්‍ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාට එම කණ්ඩායමෙන් ආරාධනාවක් ලැබී ඇත. ඉදිරි දින කිහිපයේදී චෙන්නායි පිල පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර අයි.පී.එල් තරගාවලිය ලබන මස 9 වැනිදා ආරම්භවේ.
මහේෂ් තීක්‍ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ අතිරේක ක්‍රීඩකයින් ලෙස එක්වුවද ප්‍රධාන සංචිතයට අයත් නොවනු ඇත.
පසුගියදා අවසන් වූ දහයයි10 තරගාවලියේදී මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මහේෂ් තීක්‍ෂණ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
චෙන්නායි පිල සමගින් පුහුණුවීම් කටයුතු කිරීම සඳහා යෑමට මෙම ක්‍රීඩකයින් දෙදෙනා මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයෙන් අවසර ඉල්ලා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.