Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස මානු සව්නි මහතා පත්කිරීමට තීරණය වී තිබේ. ජුලි මාසයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය අවසන්වීමත් සමගින් දැනට ප්‍රධාන විධායක නිළධාරී ධුරයේ කටයුතු කරන ඬේවිඞ් රිචඞ්සන් මහතාගේ ධූර කාලයද අවසන් වන අතර එයින් පසුව මානු සව්නි මහතාගේ ධූර කාලය කාලය ආරම්භවනු ඇත.
දකුණු අප්‍රිකානු පිලේ හිටපු කඩුලු රකින්නකු වන රිචඞ්සන් මහතාගේ වැඩ කටයුතු බාර ගැනීම සඳහා 52 හැවිරිදි සව්නි මහතා ලබන මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සමගින් එක්වීමට නියමිතව ඇත. සව්නි මහතා ඉන්දීය සම්භවයක් ඇති සිංගප්පූරු ජාතිකයෙකි.
සිංගප්පුරු ක්‍රීඩා මධ්‍යස්ථානයේ හිටපු විධායක නිලධාරියකු සහ ඊ.එස්.පී.එන්. ස්ටාර් ස්පෝට්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂක වරයකුද වන මනු සව්නි මහතා මැන්චෙස්ටර් යුනයිටඞ් සමාගමේ විධායක නොවන අධ්‍යක්‍ෂක වරයකු මෙන්ම විගණන කමිටුවේ සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළේය.
නාමයෝජනා කමිටුවේ උපදෙස් මත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස මානු සව්නි මහතා පත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා තීරණය කළේය.
“මානුගේ පත්කිරීම ස්ථීර කිරීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටට පත්වුනා” යැයි මනෝහර් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
“වසර 22 ක කාලයක් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීම ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් සභාවට ගෙන ඒමට හේතුවයි. ලෝක තරග රටාව උපායශීලිව දියුණු කිරීමට ඔහුට හැකියි” යයිද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩාවේදී මෙන්ම ගුවන් විදුලි ප්‍රචාරයේදී යන අංශ දෙකෙන්ම නායකත්වයේ වගකීම සාර්ථකව ඔහු විසින් ඉටුකර තියෙනවා. ඔහු උපායශීලිව හිතන කෙනෙක් මෙන්ම භූ දර්ශණය සහ සංකීරණතාවය මනාව තේරුම් ගැනීමට පුලුවන් කෙනෙක්” යයිද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.
“ලෝක ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීමට ලැබීම විශාල ගෞරවයක්” යයි සව්නි මහතා පැවසීය.
ලෝකය පුරා මිලියන ගණනක ක්‍රීඩා ලෝලීන් සිටින බවත් උපායශීලිව එය දියුණු කිරීමට තමන් කැමති බවත් එය පහසු කාර්යයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඬේවිඞ් රිචඞ්සන් මහතා ක්‍රිකට් මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සමගින් එක්වූ අතර 2012 වසරේදී ප්‍රධාන විධායක නිලධාරී හරූන් ලෝගාට් මහතාගේ ඉවත්වීමත් සමගින් ඬේව් රිචඞ්සන් මහතා ප්‍රධාන විධායක නිලධාරී තනතුරට උසස්වීමක් ලැබූයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.