Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාරිස්ටෙලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

මාරිස්ටෙලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2023 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය. 

කටුනායක වෙළඳ කළාප ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් මාරිස්ටෙලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය මාරිස්ටෙලා ක්‍රීඩකයෝ, කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. මෙම තරගයේදී මාරිස්ටෙලා විදුහලේ රන්මිත් බණ්ඩාර කඩුලු 10 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 161 
(මලිත් ලක්ෂාන් 68, කනක වික්‍රමසිංහ 28, කවිෂ්ක ඉමේෂ් 22, රන්මිත බණ්ඩාර 24/4, ෂෙහාන් ආදිත්‍ය 29/3, චරිත් අදිත්‍ය 43/2) 

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලු දෙනා දැවී 229 
(ශෙහාන් ආදිත්‍ය 46, සදෙව් රත්නායක 38, රන්මිත් බණ්ඩාර 34, නෙතුම් බස්නායක 28, අෂේන් ද සිල්වා 21, නිමේෂ ද සිල්වා 48/5, කනක වික්‍රමසිංහ 39/3) 

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 189 
(කනක වික්‍රමසිංහ 57, කවිෂ්ක ඉමේෂ් 57, යෝෂිත ඉසුරංග 29, රන්මිත් බණ්ඩාර 92/6, ෂෙහාන් ආදිත්‍ය 54/2) 

මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.4 කදී කඩුලු 6 ක් දැවී 122 
(චරිත් ආදිත්‍ය 20, කවිෂ්ක ඉමේෂ් 40/3, අකිත වික්‍රමසිංහ 35/2) 

-036


අදහස් (0)

මාරිස්ටෙලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.