Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙල්බර්න් ස්ටාර්ස් පිලට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේදී පැවති බිග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් වාර්තා කිරීමට හෝබාට් හරිකේන්ස් පිල අද (4 වැනිදා) සමත්විය. තරගය ජය ගැනීම සඳහා අවශ්‍යවූ ලකුණු 142, කඩුලූ 3 ක් පමණක් දැවී රැස්කිරීමට හෝබාට් හරිකේන්ස් පිතිකරුවෝ සමත්වූහ.
තරගයේ වැඩිම ලකුණු ලාභියාවූ ටිම් පේන් (65) සහ නායක ජෝජ් බේලි එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායමේ ජය තහවුරු කළ අතර පන්දු 52 කදී වාර්තාවූ ටිම් පේන්ගේ වේගවත් අර්ධ ශතකයට හතරේ පහර 8 ක් අන්තර්ගතවිය.
මෙම තරගයේදී මෙල්බර්න් පිලේ ආරම්භක පන්දුයවන්නා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උප නායක ලසිත් මාලිංග, තම ඕවර 4 තුළ ප‍්‍රතිවාදී පිලට ලකුණු 33 ක් රැස්කිරීමට අවස්ථාවදී තිබූ නමුත් එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට අපොහොසත්විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මෙල්බර්න් පිල, නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 140 ක් ලබාගත් අතර එහිදී බ‍්‍රැඞ් හොජ් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.
හෝබාට් පිලේ කැමරන් බොයිස් ඕවර 3 ක් යවා ලකුණු 11 කට කඩුලූ 3 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.
මෙල්බර්න් ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 141
(බ‍්‍රැඞ් හොජ් 51, ඬේවිඞ් හසී 24, කැමරන් බොයිස් 11/3, බෙන් ලෝංලින් 33/2)
හෝබාට් හරිකන්ස් පිල - ඕවර 18.1 කදී කඩුලූ 3 කට 142
(බෙන් ඩන්ක් 30, ටිම් පේන්ගේ 65, ජෝජ් බේලි 32)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.