Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ තරගයකදී මොණරාගල රාජකීය විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඊයේ (7 වැනිදා) සමත්විය. මෙම තරගය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මොණරාගල රාජකීය විදුහලේ මාලක ලක්ෂාන් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් ශතකයක් (121) රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
වේගවත් පිතිහරඹයක නිරතවූ පසිඳු කමේෂ් (78) සහ ඩෑන් හරූන් (නොදැවී 60) අර්ධ ශතක ලබාගනිමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර තරගය එක් පිලකට ඕවර 20 කට සීමාවිය.
රාජකීය විදුහල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 183
(මාලක ලක්ෂාන් 121, අවිශ්ක ලක්ශාන් 39)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 17.3 කදී කඩුලු 3 ක් දැවී 184
(පසිඳු කමේෂ් 78, ඩෑන් හරූන් නොදැවී 60, ශෙනන් යෙනුක 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.