Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලින්ද පළමු පෙළ කඩුලු 800 යි

මාලින්ද පළමු පෙළ කඩුලු 800 යි

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 8 වැනි තරගයේදී පළමු පෙළ කඩුලු 800 සීමාව පසුකර යෑමට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සමත් විය.

මේ වන විට පළමු පෙළ තරග 142 ක ඉනිම 252 කදී ඔහු බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 806 කි. ඊට තරගයකදී කඩුලු 10 ක් දවාගත් අවස්ථා 22 ක්ද, ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් අවස්ථා 66 ක්ද ඇතුළත් වන අතර මාලින්ද කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 20.19 කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පෙළ කඩුලු 800 ක් දවාගත් 6 වැනි ක්‍රීඩකයා මාලින්ද පුෂ්පකුමාරය. ඔහුට පෙර මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1001), දිනුක් හෙට්ටිආරච්චි (929), සජීව වීරකෝන් (802) සහ ඩිල්රුවන් පෙරේරා (808) ද කඩුලු 800 සීමාව පසුකර ගියහ.

මේ වන විට මාලින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පළමු පෙළ කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර පස්වැනි ස්ථානයේ පසුවේ. තිස්හත් වැනි වියේ පසුවන ඔහුට එම ලැයිස්තුවේ සිව්වැනියා බවට පත්වීම සඳහා අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 3 ක් පමණි.

ටෙස්ට් තරග 4කදී සහ එක්දින තරග 2 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර ඇති මාලින්ද, ටෙස්ට් කඩුලු 14 ක් සහ එක්දින කඩුල්ලක් බිඳහෙළා ඇත. පළමු කාණ්ඩයේ සීමිත ඕවර තරග 94 කදී කඩුලු 158 ක්ද, විස්සයි-20 තරග 58 කදී කඩුලු 91 ක්ද ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබේ.


අදහස් (0)

මාලින්ද පළමු පෙළ කඩුලු 800 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.