Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාස දෙකකදී තරගාවලි දෙකක් ජයගෙන එති

මාස දෙකකදී තරගාවලි දෙකක් ජයගෙන එති

editorial - 2024 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

දකුණු අප්‍රිකාවේදී පැවති  20-විස්ස සහ එක් දින තරගාවලි දෙකත්, ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (9 වැනිදා)  අලුයම පෙරළා සියරට පැමිණියේය.  මාස දෙකකදී පැවැති සංචාර දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යළි සියරට පැමිණ තිබුණි .

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසුවාය. 

“මෙම ජයග්‍රහණයන් සඳහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා“

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වෙන 20-විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා කණ්ඩායමට එරෙහිව තරගාවලියක්ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියට සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලියක් සඳහාත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද පැවසූ චමරි අතපත්තු, එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී හොඳට සැළසුම් කරමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසුවාය. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 


අදහස් (0)

මාස දෙකකදී තරගාවලි දෙකක් ජයගෙන එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.