Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැංගුස් සටන හෙට – අනිද්දා

මැංගුස් සටන හෙට – අනිද්දා

editorial - 2022 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වාද්දුව – දයා හේමන්ත සිල්වා)

කළුතර මහා විද්‍යාලය හා කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර 62 වැනි ‘‘මැංගුස් හටන’’ මහා ක්‍රිකට් තරගය අද සහ හෙට (ජූලි 01 හා 02) කළුතර මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

අවසන් වරට පැවැති 61 වැනි ‘‘මැංගුස් හටන’’ මහා තරගය ඇතුළුව මහා තරග 23 ක ජය, කළුතර මහා විද්‍යාලය හිමිකරගෙන, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය මහ හටන ජයගෙන ඇත්තේ 06ක් පමණි. තරග 32ක් ජය පරාජයකින් තොරව නිමාවට පත්වී ඇත.

කළුතර මහා විද්‍යාලය කණ්ඩායමේ මෙවර නායකත්වය දරන්නේ මිහිදු පැහැසර විසිනි. කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, නායකත්වය දරන්නේ ධනුක් නිශාද්ය. කළුතර මහා විද්‍යාලයේ විදුහල්පති හර්ෂණ පීරිස් මහතාගේ මගපෙන්වීම යටතේ, ක්‍රිකට් භාර ආචාර්ය වෝලටර් පෙරේරා මහතා හා ප්‍රධාන පුහුණුකරු ලෙස බුද්ධික මදුෂාන් මහතාත් කටයුතු කරති.

විදුහල්පති ජේ.ඒ.ඩී. මලින්ද ජයතුංග මහතාගේ මගපෙන්වීම යටතේ, ක්‍රිකට් භාර ආචාර්ය ලෙස පූර්ණ රන්ධීර, ප්‍රධාන පුහුණුකරු ලෙස නලීන් රොෂාන්, සහකාර පුහුණුකරු ලෙස හේෂාන් ලක්ෂිත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කළුතර තිස්ස විදුහල මෙසේ මහ තරගයට සූදානම් වේ.

මෙවර අන්තර් පාසල් වයස 19න් පහළ පළමු කාණ්ඩයේ තරගවදින, කළුතර මහා විද්‍යාලයීය කණ්ඩායම එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. එසේම, එහිදී කළුතර මහා විද්‍යාලයේ කණ්ඩායම් නායක මිහිඳු පැහැසර, තරගාවලිය පුරා ලකුණු 750ක් ලබමින් දස්කම් දක්වා ඇත.

මෙවර අන්තර් පාසල් දෙවැනි කාණ්ඩයේ තරග වදින කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම එහි අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ඇති අතර, එහිදී කණ්ඩායමේ නායක ධනුක නිශාද් තරගාවලිය පුරා කඩුළු 28ක් ලබා දස්කම් දක්වා ඇත.

කළුතර මහ විදුහල් කණ්ඩායම

 


කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල් කණ්ඩායම


අදහස් (0)

මැංගුස් සටන හෙට – අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.