Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැක්ස් නෙදර්ලන්තය දිනවයි
සිම්බාබ්වේ - නෙදර්ලන්ත තරගය

මැක්ස් නෙදර්ලන්තය දිනවයි

editorial - 2022 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අලංකාර අර්ධ ශතකයකින් නෙදර්ලන්ත පිල ඉදිරියට ගෙන ගිය මැක්ස් ඕ’ඩාවුඩ්ගේ (52) පිතිහරඹය නිසා ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී සිම්බාබ්වේ පිල පරාජය කරමින් කඩුලු 5 ක පහසු ජයක් අත්කරගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. සිම්බාබ්වේ පිල ලද මෙම පරාජයත් සමගම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදසුකම් ලැබීමේ බලාපොරොත්තු සිඳී ගියේය.

සුපිරි හය දෙනාගේ වටයේදී නෙදර්ලන්තය ලබගත් පළමු වැනි ජයග්‍රහණය මෙයයි. එසේ වුවද එය ඔවුන්ගේ එකම ජයග්‍රහණය වන බැවින් නෙදර්ලන්ත කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළේම සිටී.

සිය ඉලක්කය කරා යාමට නෙදර්ලන්තයට අවශ්‍ය වූයේ ඕවර 18 ක් පමණි. පන්දු 47 කට මුහුණ දුන් මැක්ස් ඕ’ඩාවුඩ් හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් තම ඉනිම අලංකාර කළේය.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත් ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී ලකුණු 20 ක් ඇතුළත පිතිකරුවෝ තිදෙනකුම දැවී ගොස් තිබිණ.

ෂෝන් විලියම්ස් (20) සහ සිකන්දර් රාසා (40) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉනිම පිළිසකර කළද පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 117 කට දැවී ගියේය. සිම්බාබ්වේ පිතිකරුවන් 11 දෙනා අතුරින් ඉලක්කම් 2 කින් යුතු ලකුණු සංඛ්‍යාවකට යා හැකිවූයේ විලියම්ස් සහ රාසා දෙදෙනාට පමණි.

විලියම්ස් දැවී යාමෙන් පසුව රාසා පිටියේ තනිවිය. එහෙත් රාසාට ඕනෑ හැටියට ඉනිම හසුරුවාගන්නට අවසර නොදුන් නෙදර්ලන්ත පන්දු යවන්නෝ ලකුණු 40 ක් ඇතුළත අවසන් කඩුලු හයම දවාගත්හ.


සිම්බාබ්වේ - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 117 යි
(ෂෝන් විලියම්ස් 28, සිකන්දර් රාසා 40, පෝල් වැන’මර්කරීන් 29/3, බ්‍රෙන්ඩන් ග්ලෝවර් 29/2, ලෝගන් වැන්බීක් 17/2, බස් ඩි’ලීඩි 14/2)

නෙදර්ලන්තය - ඕවර 18 කදී කඩුලු 5 ක් දැවී 120 යි
(මැක්ස් ඕ’ඩාවුඩ් 52, ටොම් කූපර් 32, බස් ඩි’ලීඩි නොදැවී 12, රිචඩ් න්ගරාවා 18/2, බ්ලෙසින් මුසරබානි 23/2)


අදහස් (0)

මැක්ස් නෙදර්ලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.