Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැක්ස්වෙල්ගේ අවසන් ඕවරයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය

මැක්ස්වෙල්ගේ අවසන් ඕවරයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඊයේ (12 වැනිදා) ඩුබායිහිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියා පිල, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිලට ඕවර 50 අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 230 ක් පමණි.

පාකිස්තාන පිලට තරගය ජය ගැනීම සඳහා අවසන්  ඕවරයේදී ලකුණු 2 ක් ලබාගත යුතුව තිබූ නමුත්, අවසන් ඕවරය යැවූ ග්ලේන් මැක්ස්වෙල් එහිදී පාකිස්තාන පිලට එක් ලකුණක් හෝ නොදී ඔවුන්ගේ ඉතිරි කඩුලූ 2 ම දවාගනිමින් තම කණ්ඩායමට ලකුණක ජයක් අත්කර දුන්නේය.

පාකිස්තාන පිලේ වැඩිම ලකුණු ලාභියා වූ අසාද් ශෆීක් පන්දු 73 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50  ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියා පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 231 ක් ලබාගත්තේය.

එහිදී ඕස්ටේ‍්‍රලියා පිලේ ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 63 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 56 ක් රැස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ඔහු හැරුණුකොට ඕස්ටේ‍්‍රලියා ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ ඞ්වේන් ස්මිත්, පන්දු 105 කින් ලකුණු 77 ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඕස්ටේ‍්‍රලියා පිලේ පිතිකරුවන් සිව්දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය ග්ලේන් මැක්ස්වෙල්, තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 190 ක් රැස්කළ ස්ටීවන් ස්මිත් තරගාවලියේ වීරයා බවට පත්විය.

ඕස්ටේ‍්‍රලියා පිල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 232
(ඒරන් ෆින්ච් 18, ඬේවිඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 77, ග්ලේන් මැක්ස්වෙල් 20, ජේම්ස් ෆෝල්ක්නර් 33, සොහේල් තන්වීර් 40/3, ශහීඞ් අෆ්රිඩි 44/2)

පාකිස්තාන පිල - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 230
(අහමඞ් ශෙහෙසාද් 26, සෆ්රාස් අහමඞ් 32, අසාද් සෆීක් 50, සොහෙබ් මක්සූද් 34, උමාර් අමීන් 19, අන්වර් අලී 14, ශුල්ෆික බාබර් නොදැවී 14, කේන් රිචඞ්සන් 36/2, ග්ලේන් මැක්ස්වෙල් 41/2, ශේවියර් ඩොහර්ටි 54/2)

-036

 

 


අදහස් (2)

මැක්ස්වෙල්ගේ අවසන් ඕවරයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.