Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස්ගේ පිලට ලකුණු 20 ක ජයක්

මැතිව්ස්ගේ පිලට ලකුණු 20 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A


ඕවර 42 කදී ලකුණු 248 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා  ‘ඒ’ කණ්ඩායම ලකුණු 227 දී නතර කිරීමට නුවන් කුලසේකර ඇතුළු පිරිවර සමත් වූ හෙයින් කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (5 වැනිදා) පැවැති පළමු පෙරහුරු තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට ඇන්්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල සමත් විය.

වඩාත් ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු කී‍්‍රඩකයන් පිරිසකට එරෙහිව, අභියෝගාත්මක ඉලක්කයක් කරා යද්දී, දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවන ලද ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ සිව්වැනි කඩුල්ලත් ලකුණු 122 දී ඇද වැටෙන විට තවත් ලකුණු 126 ක් කරා යාමට ඔවුන් සතු වූයේ  ඕවර 18 ක් පමණි.

මෙම අවස්ථාවේදී එක්වූ ඩිල්රුවන් පෙරේරා සහ තිසර පෙරේරා (16) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 40 ක් එක්කරමින් ශී‍්‍ර ලංකා  ‘ඒ’ පිලේ බලාපොරොත්තු ඉහළ නැංවූ නමුත් තිසර පෙරේරා දැවී යාමත් සමගම සෙසු පසුපෙළ පිතිකරුවෝ එකා පසු පස එකා දැවී ගියහ.

පන්දු 62 කදී ලකුණු 49 ක් ලබාගත් ඩිල්රුවන්ගේ ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහර දෙකකින් සමන්විත විය.

තිලකරත්න ඩිල්ෂාන් (47) සහ මහේල ජයවර්ධන (84) දෙදෙනාගේ පිතිහරඹය නිසා  ඕවර 42 ක් අවසානයේදී කඩුලූ 7 දැවී ලකුණු 247 ක් ලබා ගැනීමට පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම සමත් විය.

ඩිල්ෂාන් සමගින් ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න තමන්ට සුපුරුදු කල්පනාකාරී පිතිහරඹයේ යෙදෙමින් පන්දු 59 කට මුහුණ දී ලකුණු 46 ක් ලබා ගත් අතර ආරම්භයේ සිටම පන්දුව හඹාගිය ඩිල්ෂාන් පන්දු 45 කදී ලකුණු 47 ක් රැස්කළේ තමාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කරමිනි.

කුමාර් සංගක්කාර ලකුණු 11 කට දැවී ගිය නමුත් පසුපස නොබැලූ මහේල ජයවර්ධන පන්දු 72 කදී ලකුණු 84 ක් එක්කරමින් සභාපතිගේ පිලේ ගමන්මග සකස් කර දුන්නේ හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 ක්ද සිය ඉනිමට එක් කරමිනි.

ඉනිමේ 16 වැනි  ඕවරයේදී මහේල පිටියට පිවිසෙන විට කඩුලූ 2 කට 84 ක් සේ සටහන් වූ ලකුණු පුවරුව, ඉනිම අවසන් වීමට ඕවර 2 කට මත්තෙන් මහේල දැවී යන විට කඩුලූ 5 කට 226 ක් සේ වෙනස් වී තිබිණ.

නවසීලන්ත පිලේ ශී‍්‍ර ලංකා සංචාරයට පෙර පැවැත්වෙන පෙරහුරු තරග දෙකකින් පළමු වැන්න වූ මෙම තරගය අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් ඊයේ සවස පැවැති වර්ෂාව නිසා තරගය ආරම්භ කිරීම අද පෙරවරු 10.45 දක්වා කල්දමන ලදි. ඒ හේතුවෙන්  ඕවර 50 තරගයක් වීමට නියමිතය තිබූ මෙම තරගය එක් පිලකට  ඕවර 42 ක් දක්වා සීමා කෙරිණ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලත් ‘ඒ’ කණ්ඩායමත් අතර දෙවැනි පෙරහුරු තරගය අනිද්දා (7 වැනිදා) පැවැත්වේ.

 


අදහස් (3)

මැතිව්ස්ගේ පිලට ලකුණු 20 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.