Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
මිලින්ද සිරිවර්ධන (34) සහ පැතුම් කුමාර (නොදැවී 40) එක්ව පස්වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 73 ක සම්බන්ධතාව හේතුවෙන් යුද හමුදාපති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (1 වැනිදා) පැවැති තරගයකදී ඊස්ටන් වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය. මෙම තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය හිමිවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඊස්ටන් වොරියර්ස් පිල වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 150 ක් රැස්කර සිටියේය.
ආරම්භක පිතිකරු පැතුම් දිල්ෂාන් පන්දු 60 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 74 ක් රැස්කරමින් ඊස්ටන් වොරියර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 150 න් ඔබ්බට රැගෙන ගියේය. හර්ෂජිත් විරේන්ද්‍ර පන්දු 33 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් ලබාගනිමින් පැතුම් දිල්ෂාන්ට අනගි සහයක් ලබාදුන්නේය. පළමු කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද පැතුම් දිල්ෂාන් සහ හර්ෂජිත් විරේන්ද්‍ර සමත්වූහ.
නැවතත් වර්ෂාවෙන් පසුව තරගය ආරම්භ වූ අතර, ඩක්වත් ලුවිස් න්‍යායට අනුව, නොදර්න් වොරියර්ස් පිලට ජයග්‍රහණය සඳහා ඕවර 17 කදී ලකුණු 122 ක ඉලක්කයක් හිමිවිය. නමුත් තරගය අතරතුර යළිත් වර්ෂාව හේතුවෙන් තරගය නතර කළ අතර එහිදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව නොදර්න් වොරියර්ස් පිලේ ජයග්‍රාහි ඉලක්කය ඕවර 15 කට ලකුණු 131 ක් ලෙස වෙනස් විය.
ලකුණු 55 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ලට එක්වූ මිලින්ද සිරිවර්ධන සහ පැතුම් කුමාර ලකුණු 73 ක සම්බන්ධතාවයක් පවත්වමින් නොදර්න් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
පැතුම් කුමාර පන්දු 29 කදි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් රැස්කළ අතර මිලින්ද සිරිවර්ධන පන්දු 28 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් ලබාගැනීමට සමත්විය. රජීන්ද්‍ර පුංචිහේවා ඕවර 3 ක් යවමින් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තද නොදර්න් වොරියර්ස් පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් විය.
ඊස්ටන් වොරියර්ස් - ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී 150
(හර්ෂජිත් විරේන්ද්‍ර 38, පැතුම් දිල්ෂාන් 74)
නොදර්න් වොරියර්ස් - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී 131
(මිලින්ද සිරිවර්ධන 34, පැතුම් කුමාර නොදැවී 40, රජීන්ද්‍ර පුංචිහේවා 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.