Last Update  :  2025-04-25 21:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි පිට පිටම සිවුවැනි ජයත් ලබයි
අයි.පී.එල් - 2025

මුම්බායි පිට පිටම සිවුවැනි ජයත් ලබයි

editorial - 2025 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පස්වැනි ජය මෙන්ම පිට පිටම ලැබූ සිවුවැනි ජයද මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩකයෝ ඕවර 15.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 70 ක්ද, විල් ජැක්ස් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. රොහිත් දැවී ගියේ ඒෂාන් මාලිංගගේ පන්දුවක් හමුවේ අභිෂේක් ශර්මා අතට උඩ පන්දුවක් දෙමිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 143 ක් ලබාගත් අතර හයිද්‍රාබාද් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෙන්රිච් ක්ලාසන් පන්දු 44 කින් ලකුණු 71 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. අභිනව් මනෝහර් පන්දු 37 කදී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.    

තරගයේ වීරයා බවට පත්වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් දීපක් චාහර් සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කරමින් කඩුලු 2 ක් බිඳහෙළීය. නායක හර්දීක් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රීට් බුම්රා කඩුල්ල බැගින් බෙදාගත්හ. 


සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 143  
(හෙන්රිච් ක්ලාසන් 71, අභිනව් මනෝහර් 43, ටේ‍රන්ට් බෝල්ට් 26/4, දීපක් චාහර් 12/2) 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 15.4 කදී කඩුලු 3 ක් දැවී 146   
(රෝහිත් ශර්මා 70, විල් ජැක්ස් 22, සූර්යකුමාර් යාදව් නොදැවී 40) 


 
-036 


අදහස් (0)

මුම්බායි පිට පිටම සිවුවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.