Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බුකිකරුවන්ගේ උවමනාවට මුදලට තරග පාවාදීමේ චෝදනා සමග ලෝක ක‍්‍රිකට් පිටිය ගිනියම් කරමින් පසුගිය වසරේ ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලිය අවසන් වුවද මෙවර ද එම තරගාවලිය සුපුරුදු පිරිදි දින 47 ක් පුරා දිගහැරීමට ලෝක ක‍්‍රිකට් බලවතා වන ඉන්දීය ක‍්‍රිකට් පාලක මේ වන විටත් ආරම්භ කර තිබේ.
මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර අබුඩාබිහිදී අද (16 වැනිදා) පැවැත්වෙන තරගයෙන් මෙවර අයි. පී, එල්. තරගාවලිය ආරම්භ වේ.
ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැවැන්ත වාණිජකරණයට හසුකරගත් අයි.පී.එල්. තරගාවලියේ ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් ලක්‍ෂ 2,400 කට අධික මුදල් ත්‍යාගයක් පිරිනැමීට නියමිතය. ප‍්‍රධාන ත්‍යාග මුදල් හතර සදහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 25 හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 6,000 ක් වෙන්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තරගාවලිය සඳහා පසුගිය වසරේ (2013) කණ්ඩායම් නවයක් ක‍්‍රීඩා කළ ද මෙවර කණ්ඩායම් අටක් පමණක් ක‍්‍රීඩා කරයි. ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ පූනේ වෝරියස් පිලේ හිමිකරුවන් තරගාවලි නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් කර තිබේ.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් තිදෙනකු පමණක් ක‍්‍රීඩා කිරීම කැපී පෙනේ. මෙවර වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන ක‍්‍රීඩකයන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායම් හිමිකරුවෙක් ඉදිරිපත් නොවීය.
ලසිත් මාලිංග සුපුරුදු පරිදි මුම්බායි ඉන්දියන්ස් පිලට ක‍්‍රීඩා කරයි. ප‍්‍රවේගකාරි පිතිකරු තිසර පෙරේරා, කිංග්ස් XI, පංජාබ් පිලට තෝරාගත් අතර මුත්තයියා මුරලිදරන්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිතයට ඇතුළත්ව සිටියි.
බංග්ලාදේශයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයන් වූ ලසිත් මාලිංග සහ තිසර පෙරේරා මෙම තරගාවලියේදී අනගි දස්කම් ප‍්‍රදර්ශනය කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
මෙවර තරගාවලියට ද විදේශිය ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටින අතර ඒ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරන කොදෙව් පිලේ ප‍්‍රවේගකාරි පිතිකරු ක‍්‍රිස් ගේල් කැපී පෙනේ.
මෙවර ද ඉන්දීය නායක මහේන්ද්‍ර සිං මෙහෙයවන චෙන්නායි සුපර් කිංග්ස් පිලට ප‍්‍රබල ක‍්‍රීඩකයෝ රැුසක් ඇතුළත්ව සිටිති. ඉන්දීය පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන සුරේෂ් රයිනා, රවීන්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් සහ අශිෂ් නෙහෙරා මෙන්ම විදේශීය ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝ, ඞ්වේන් ස්මිත් මෙන්ම නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම්ද චෙන්නායි සංචිතයට ඇතුළත්ව සිටිති.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ලෝක විස්සයි20 පිටියේ ප‍්‍රබලතම පිතිකරුවන් වන ක‍්‍රිස් ගේල්, නායක විරාට් කෝලි, ඒ. බී. ඩිවිලියස් සහ යුවරාජ් සිං ඇතුළත්ව සිටිම සෙසු කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වනවාට සැක නැත.
මෙම කණ්ඩායම්වලට ඇතුළත්ව සිටින හිටපු ඉන්දීය සහ විදේශිය ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසකගේ දස්කම් දැක ගැනීමේ අවස්ථාව ද මෙම තරගාවලියෙන් ලෝක ක‍්‍රිකට් පේ‍්‍රක්‍ෂකයන්ට හිමිවේ.
ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් මෙවර තරගාවලියේ පළමු කොටස මේ මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක‍්‍රීඩාංගණ තුනේදී පැවැත්වේ. අනතරුව සුපුරුදු පරිදි ඉන්දියාවේදී තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පසුගිය වසරේ තරගාවලියේදී රාජස්ථාන් නියෝජනය කළ ශාන්තකුමාර් ශ‍්‍රිසාන්ත්, අන්කිත් චවාන් සහ අජිත් චන්දිලා තරග අවස්ථා මුදලට පාවාදුනේ යැයි චෝදනාවට ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද අතර පසුව එම ක‍්‍රීඩකයන්ට ක‍්‍රිකට් ක‍්‍රීඩාව තහනම් කෙරිණ.
එම තරගාවලිය අවසන් වන විට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතාගේ බෑණනුවන් මෙන්ම චෙන්නායි පිලේ අධ්‍යක්‍ෂක ගුරුනාත් මෙයියප්පන්, බොලිවුඞ් නළුවන්, බුකිකරුවන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට පත්වීම කැපී පෙනුණි.
අයි.පී.එල්. ක්‍රිකට් තරග කාලසටහන | |||
දිනය | තරගය | ක්‍රීඩාංගණය | වේලාව |
අප්‍රේල් 16 | මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් | අබුඩාබිහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 17 | දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | සාජාහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 18 | චෙන්නායි සුපර් කිංග්ස් සහ කිංග්ස් XI පංජාබ් | අබුඩාබිහිදී | ප.ව 4.00 |
සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් | අබුඩාබිහිදී | ප.ව 8.00 | |
අප්‍රේල් 19 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් | ඩුබායිහිදී | ප.ව 4.00 |
කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | ඩුබායිහිදී | ප.ව 8.00 | |
අප්‍රේල් 20 | රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් XI පංජාබ් | සාජාහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 21 | චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | අබුඩාබිහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 22 | කිංග්ස් XI පංජාබ් සහ සන්රයිසස් හයිද්‍රාබාද් | සාජාහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 23 | රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් | ඩුබායිහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 24 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් | සාජාහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 25 | සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | ඩුබායිහිදී | ප.ව 4.00 |
චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් | ඩුබායිහිදී | ප.ව 8.00 | |
අප්‍රේල් 26 | රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | අබුඩාබිහිදී | ප.ව 4.00 |
කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් XI පංජාබ් | අබුඩාබිහිදී | ප.ව 8.00 | |
අප්‍රේල් 27 | දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් | සාජාහිදී | ප.ව 4.00 |
සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් | සාජාහිදී | ප.ව 8.00 | |
අප්‍රේල් 28 | කිංග්ස් XI පංජාබ් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | ඩුබායිහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 29 | කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් | අබුඩාබිහිදී | ප.ව 8.00 |
අප්‍රේල් 30 | මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් | ඩුබායිහිදී | ප.ව 8.00 |
මැයි 02 | චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් | රංචිහිදී | ප.ව 8.00 |
මැයි 03 | මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් XI පංජාබ් | මුම්බායිහිදී | ප.ව 4.00 |
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ රාජස්ථාන් රෝයල්ස් | දිල්ලිහිදී | ප.ව 8.00 | |
මැයි 04 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් | බැංගලෝර්හිදී | ප.ව 8.00 |
මැයි 05 | රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් | අහමදාබාද්හිදී | ප.ව 4.00 |
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් | දිල්ලිහිදී | ප.ව 8.00 | |
මැයි 06 | මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | මුම්බායිහිදී | ප.ව 8.00 |
මැයි 07 | දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් | දිල්ලිහිදී | ප.ව 4.00 |
කිංග්ස් XI පංජාබ් සහ චෙන්නායි සුපර් කිංග්ස් | කටාක්හිදී | ප.ව 8.00 | |
මැයි 08 | රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් | අහමදාබාද්හිදී | ප.ව 8.00 |
මැයි 09 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කිංග්ස් XI පංජාබ් | බැංගලෝර්හිදී | ප.ව 8.00 |
මැයි 10 | දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් | දිල්ලිහිදී | ප.ව 4.00 |
මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් | මුම්බායිහිදී | ප.ව 8.00 | |
මැයි 11 | කිංග්ස් XI පංජාබ් සහ කොල්කටා නයිට් රයිඩර්ස් | කටාක්හිදී | ප.ව 4.00 |
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් | බැංගලෝර්හිදී | ප.ව 8.00 | |
මැයි 12 | සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් | හයිද්‍රාබාද්හිදී | ප.ව 8.00 |
මැයි 13 | චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් | රංචිහිදී | ප.ව 4.00 |
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | බැංගලෝර්හිදී | ප.ව 8.00 | |
මැයි 14 | සන්රයිසස් හයිද්‍රාබාද් සහ කිංග්ස් XI පංජාබ් | හයිද්‍රාබාද්හිදී | ප.ව 4.00 |
කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් | කොල්කටාහිදී | ප.ව 8.00 | |
මැයි 15 | රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | අහමදාබාද්හිදී | ප.ව 8.00 |
මැයි 18 | චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | චෙන්නායිහිදී | ප.ව 4.00 |
සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් | හයිද්‍රාබාද්හිදී | ප.ව 8.00 | |
මැයි 19 | රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් | අහමදාබාද්හිදී | ප.ව 4.00 |
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ කිංග්ස් XI පංජාබ් | දිල්ලිහිදී | ප.ව 8.00 | |
මැයි 20 | සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | හයිද්‍රාබාද්හිදී | ප.ව 4.00 |
කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් | කොල්කටාහිදී | ප.ව 8.00 | |
මැයි 21 | කිංග්ස් XI පංජාබ් සහ මුම්බායි ඉන්දියන්ස් | චන්දිගාර්හිදී | ප.ව 8.00 |
මැයි 22 | කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | කොල්කටාහිදී | ප.ව 4.00 |
චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් | චෙන්නායිහිදී | ප.ව 8.00 | |
මැයි 23 | මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | මුම්බායිහිදී | ප.ව 4.00 |
කිංග්ස් XI පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් | චන්දිගාර්හිදී | ප.ව 8.00 | |
මැයි 24 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ චෙන්නායි සුපර් කිංග්ස් | බැංගලෝර්හිදී | ප.ව 4.00 |
කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් | කොල්කටාහිදී | ප.ව 8.00 | |
මැයි 25 | කිංග්ස් XI පංජාබ් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | චන්දිගාර්හිදී | ප.ව 4.00 |
මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් | මුම්බායිහිදී | ප.ව 8.00 | |
මැයි 27 | සුදුසුකම් ලැබීමේ තරගය - 1 | චෙන්නායිහිදී | ප.ව.8.00 |
මැයි 28 | පරාජිතයන් ඉවත් වීමේ තරගය -2 | චෙන්නායිහිදී | ප.ව.8.00 |
මැයි 30 | සුදුසුකම් ලැබීමේ තරගය - 2 | මුම්බායිහිදී | ප.ව.8.00 |
ජූනි 01 | අවසන් මහ තරගය | මුම්බායිහිදී | ප.ව.8.00 |
(සියලූම තරග ආරම්භ වන වේලාවන් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ වේලාවෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.