Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිට දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය ඇතුළත් ‘800’ චිත්‍රපටය ලබන මස 6 වැනිදා සිට ලෝකය පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ කෙරේ. දමිළ, තෙළිඟු මෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් හඬ කවන ලද මෙම සිනමාපටය, 6 වැනිදා සිට මුම්බායි, සිංගප්පූරුව සහ ලන්ඩන් ඇතුළු ලෝකයේ ප්‍රධාන නගර කිහිපයකදීම එකවර ප්‍රදර්ශනය කෙරේ.
ඉන්දීය ජාතිකයකු වන මධුර් මිත්තාල් මෙම සිනමාපටයේදී මුත්තයියා මුරලිදරන්ගේ භූමිකාවට පණ පොවයි. 2008 දී විශිෂ්ටතම සිනමා කෘතිය වෙනුවෙන් ඇකඩමි සම්මාන දිනාගත් ‘ස්ලම්ඩෝග් මිලියනර්’ සිනමාපටයේ ප්‍රධාන භූමිකාව නිරූපනය කළේද මධුර් මිත්තාල් විසිනි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකිකයකු වන කිං රත්නම් ‘800’ චිත්‍රපටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංගගේ භූමිකාවට පණ පොවයි. මෙම චිත්‍රපටයේ බොහෝ කොටස් ශ්‍රී ලංකාවේදී රූපගත කරන ලද ඒවාය. ප්‍රවීණ සිනමාවේදී එරල් කෙළී චිත්‍රපයේ කලා අධක්‍ෂකවරයා වන අතර තවත් ශ්‍රී ලාංකික ශිල්පීහු 60 දෙනකු පමණ මෙම චිත්‍රපටය සඳහා දායක වී තිබේ.
ඉන්දීය ජාතික එම්.එස්. ශ්‍රීපතිගේ අධ්‍යක්‍ෂණයක් වන ‘800’ ඉන්දීය ජාතික විවේක් රංගචාරිගේ නිෂ්පාදනයකි. ශ්‍රී ලංකාවේ පවතින නීති රීති අනුව, විදේශයකදී නිෂ්පාදනය කෙරෙන චිත්‍රපටයක් ඒ අවස්ථාවේදීම සිංහල භාෂාවෙන් හඬකවා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ නොහැකි වූවත්, විශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ‘800’ චිත්‍රපටය සඳහා එම අවස්ථාව සලසා දුන් බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැති ‘800’ චිත්‍රපටයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ මුත්තයියා මුරලිදරන්
ඡායාරූපය - රුෂිරු කොළඹතන්ත්‍රිගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.