Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර්සමාජ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ අද (27 වැනිදා) දිනයෙන් අවසන් වූ සති අන්තයේදී ද්විත්ව ශතක ලබාගැනීමට ගුවන් හමුදා පිලේ පිලේ මුවින් සුබසිංහ (නොදැවී 203) සහ රාගම පිලේ අවිශ්ක තරිඳු (215) සමත්වූහ. එස්.එස්.සී පිලට එරෙහිව මුවින් සුබසිංහ ද්විත්ව ශතකය ලබාගත් අතර පානදුර පිලට එරෙහිව අවිශ්ක තරිඳු ද්විත්ව ශතකය ලබාගත්තේය.
මෙම සති අන්තයේදී තරග 12 ක් පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට සී.සී.සී, ගුවන් හමුදාව, එන්.සී.සී, කෝල්ට්ස්, යුදහමුදාව, ද්‍රවිඩ සංගමය, මීගමුව, මුවර්ස් සහ නුගේගොඩ යන කණ්ඩායම් සමත්වූහ. එම කණ්ඩායම් පිළිවෙලින් නාවික හමුදාව එස්.එස්.සී, කුරුණෑගල යොවුන්, ගාල්ල, ඒස් කැපිටල්, පොලිස්, බ්ලූම්ෆීල්ඩ්, ලන්කන් සහ බදුරලිය යන කණ්ඩායම් පරාජය කිරීමට සමත්වූහ.
සැරසන්ස්, පානදුර සහ බී.ආර්.සී කණ්ඩායම් වලට එරෙහිව පිළිවෙලින් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට හලාවත මේරියන්ස්, රාගම සහ කැන්ඩි කස්ටම් කණ්ඩායම් සමත්විය.
මිනෝද් භානුක (සී.සී.සී), ජොහැන් ද සිල්වා (එන්.සී.සී), නිමේෂ ගුණසිංහ (නුගේගොඩ), රවීන් යසස් (මේරියන්ස්), ශානුක දුලාජ් (පානදුර) සහ විනුර දුල්සර (බී.ආර්.සී) මෙම සති අන්තයේදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් වූහ.
ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවාගත් යුදහමුදා පිලේ කෞමාල් නානායක්කාර ඒස් කැපිටල් පිලට එරෙහිව කඩුලු 11 ක් ද, එස්.එස්.සී පිලට එරෙහිව ගුවන් හමුදා පිලේ නදීර ඉෂාන් දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 7 ත් සමගින් තරගය පුරා කඩුලු 10 ක් ද, ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවාගත් බ්ලූම්ෆීල්ඩ් පිලේ දිලීප ජයලත් මීගමුව පිලට එරෙහිව කඩුලු 10 ක් ද දවාගනිමින් මෙම සති අන්තයේදී කඩුලු 10 බැගින් ලබාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කුරුණෑගල යොවුන් පිලේ මදුරංග නවීන්, එන්.සී.සී පිලේ ජොහැන් ද සිල්වා, කෝල්ට්ස් පිලේ දිල්ෂාන් මදුශංක, නුගේගොඩ පිලේ නවීන් ප්‍රනාන්දු ද්‍රවිඩ සංගමයේ රවිඳු ප්‍රනාන්දු, මීගමුව පිලේ නිෂාන් පිරීස්, ලන්කන් පිලේ යසිරු රොද්‍රිගූ, මූවර්ස් පිලේ අදීෂ තිලංචන, මේරියන්ස් පිලේ රවීන් යසස්, රාගම පිලේ හරීන් රත්නමුදලි කඩුලු 5 බැගින් දවා ගනිමින් මෙම සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.
සී.සී.සී පිලට ඉනිමක ජයක්
නාවික හමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
නාවික හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 170
(සුහඟ විජේවර්ධන 35, සුලේක්ෂණ ශ්‍රීෂාන් 37, චමිඳු විජේසිංහ 40/3, බී.මෙන්ඩිස් 13/2, මාලිංග අමරසිංහ 31/2, අම්ෂි ද සිල්වා 43/2)
සී.සී.සී පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 389
(මිනෝද් භානුක 180, සොනාල් දිනූෂ 68, මාලිංග අමරසිංහ 69, සුදාරක දක්ෂිණ 67/2, පූර්ණ චාරුක 71/2)
නාවික හමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 119
(සුලේක්ෂණ ශ්‍රීෂාන් 38, කේෂර නුවන්ත 20, පූර්ණ චාරුක 28, දෙවිඳු කැකිරිදෙණිය 38/4, සොනාල් දිනූෂ 37/3, බී.මෙන්ඩිස් 18/2)
ගුවන් හමුදා පිලට ඉනිමක ජයක්
එස්.එස්.සී සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කටුනායකදී
ගුවන් හමුදා පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 412
(කෙමිර විජේනායක 40, ශෝන් පේෂල 28, මුවින් සුබසිංහ නොදැවී 203, නදීර ඉෂාන් 66, ටේරවින් මැතිව් 107/4, චමිඳු වික්‍රමසිංහ 26/2, කේෂාන් විජේරත්න 77/2)
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 88
(සිනෙත් ජයවර්ධන 22, මුවින් සුබසිංහ 18/3, නදීර ඉෂාන් 28/3, කෙමිර විජේනායක 04/2)
එස්.එස්.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 173
(චමිඳු වික්‍රමිසිංහ 30, ටේරවින් මැතිව් 23, කේෂාන් විජේරත්න නොදැවී 37, කසුන් රාජිත 34, නදීර ඉෂාන් 68/7, මුවින් සුබසිංහ 19/2)
එන්.සී.සී. පිලට ඉනිමක ජයක්
කුරුණෑගල යොවුන් සහ එන්.සී.සී කණ්ඩායම් අතර වෙළගෙදර ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 434
(ජොහැන් ද සිල්වා 144, හසිත බෝයගොඩ 59, දිනෙත් ජයකොඩි 20, යුගීෂ දිෂාන් 71, අෂේන් ඩැනියෙල් 85, මදුරංග නවීන් 119/7)
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 147
(දුලාජ් රණතුංග 35, අසිත වන්නිනායක 34, ළහිරු අබේසිංහ 25, අෂේන් ඩැනියල් 39/4, ජොහැන් ද සිල්වා 24/2)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 173
(මුදිත ප්‍රේමදාස 27, ළහිරු අබේසිංහ 49, රිෂී අදිෂ්ටන් 49, ජොහැන් ද සිල්වා 29/5, කාවින්ද ඊෂ්වර 24/3, යුගීෂ ඩිෂාන් 54/2)
කෝල්ට්ස් පිලට ඉනිමක ජයක්
කෝල්ට්ස් සහ ගාල්ල කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 137
(දිල්ශාන් කාංචන 46, ප්‍රභාත් ද සොයිසා 40, රොවින් සේනාරත්න 32/3, දිල්ෂාන් මදුශංක 39/3, හර්ෂණ වික්‍රමසිංහ 14, ජෙහාන් ඩැනියල් 30/2)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 313
(ශලින් ද සිල්වා 35, අවිශ්ක පෙරේරා 32, රවිඳු රසාන්ත 20, ජෙහාන් ඩැනියෙල් 48, හර්ෂ රාජපක්ෂ 46. රොවින් සේනාරත්න 23, රොහාන් සංජය 32, දිල්ශාන් මදුශංක නොදැවී 29, සුබානු රාජපක්ෂ 71/4, කාවින්ද දිල්හාර 26/0, සඳුන් මදුශංක 36/2)
ගාල්ල දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 168
(තරිඳු අමරසිංහ 38, සුබානු රාජපක්ෂ 34, හරීන් බුද්දිල 34, දිල්ෂාන් මදුශංක 58/6, රොවින් සෙනෙවිරත්න 48/2)
නුගේගොඩ පිලට ඉනිමක ජයක්
බදුරලිය සහ නුගේගොඩ කණ්ඩායම් අතර මග්ගොඩන සරේ ක්‍රීඩාංගණයේදී
බදුරලිය පළමු ඉනිම - සියලුදෙනා දැවී 137
(අක්‍රම් මුතාලිබ් 32, කේ.වික්‍රමසිංහ 27, නවීන් ප්‍රනාන්දු 41/6, කළණ මදුශංක 21/2, )
නුගේගොඩ පළමු ඉනිම - සියලුදෙනා දැවී 499
(අභිෂේක් ලියනාරච්චි 99, නිමේෂා ගුණසිංහ 180, කළණ මදුශංක 38, රාහුල් ගුණසේකර 88, කෙවින් කොත්තිගොඩ 27, නවීන් ප්‍රනාන්දු 42, තමිඳු වික්‍රමාරච්චි 153/4, සෙනාල් ද සිල්වා 57/2, ශේන් විජේසිංහ 96/2)
බදුරලිය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 339
(අශේන් ගුණවර්ධන 50, කේ.වික්‍රමසිංහ 41, උමයංග සුවාරිස් 76, රනේෂ් සිල්වා 92, රවිශ්ක විජේසිරි 22, සෙනාල් ද සිල්වා 22, කෙවින් පෙරේරා 91/3, නවීන් ප්‍රනාන්දු 56/2, කෙවින් කොත්තිගොඩ 71/2)
යුදහමුදා පිලට කඩුලු 7 ක ජයක්
යුදහමුදාව සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් පළමු ඉනිම - සියලුදෙනා දැවී 93
(තනුක දාබරේ 22, සවිඳු පිරීස් නොදැවී 24, කෞමාල් නානායක්කාර 16/6, ලක්ෂාන් ගමගේ 39/3)
යුදහමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 172
(තුලින ඩිල්ෂාන් 30, පැතුම් බොතේජු 30, ලක්ෂාන් ගමගේ 24, සිතුම් දිසානායක 24/5, මෙතුෂාන් තිළිණ 59/5)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 203
(පී.දාබරේ 28, නිපුන් ලක්ෂාන් 25, වයි.අවිශ්ක 47, සවිඳු පිරීස් නොදැවී 42, කෞමාල් නානායක්කාර 66/5, අෂාන් දිල්හාර 36/3, ලක්ෂාන් ගමගේ 43/2
යුදහමුදා දෙවැනි ඉනිම - කඩලු 3 ක් දැවී 127
(ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 45, මහේෂ් කුමාර නොදැවී 23)
ද්‍රවිඩ සංගමයට කඩුලු 10 ක ජයක්
ද්‍රවිඩ සහ පොලිස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
පොලිස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 129
(සී.ජයතිලක නොදැවී 50, රවිඳු ප්‍රනාන්දු 10/5, සුපුන් කාවින්ද 14/2)
ද්‍රවිඩ සංගමය පළමු ඉනිම - සියලුදෙනා දැවී 221
(යොහාන් මෙන්ඩිස් 22, දමිත් පෙරේරා 39, රංමිත් ජයසේන 36, රවිඳු ප්‍රනාන්දු 24, සිතාර හපුහින්න 37, ලසිඳු අරෝෂ 28, අසෙල් සිගේරා 35/4, ඩී.වන්නිආරච්චි 28/2, ආර්.වෙල්ගමගේ 43/2, කේ.කරුණාතිලක 68/2)
පොලිස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 133
(දිල්හාර පොල්ගම්පොල 45, ජී.කොටුගොඩ 24, ආර්.වෙල්ගමගේ 22, රවිඳු ප්‍රනාන්දු 42/4, දිලුම් සුධීර 45/4)
ද්‍රවිඩ සංගමය දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 42
(සුපුන් කාවින්ද නොදැවී 27)
මීගමුව පිලට කඩුලු 4 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් සහ මීගමුව කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලුදෙනා දැවී 141
(කේවියන් නරේස් 51, සනෝජ් දර්ෂික 22, නදුන් දිල්ෂාන් 20, සුධීර වීරරත්න 07/4, අවීෂ කේෂාන් 12/2)
මීගමුව පළමු ඉනිම - සියලුදෙනා දැවී 196
(අමෝද විදානපතිරණ 61, පසිඳු ලක්ෂංක 50, ශෙෂාන් ප්‍රනාන්දු 29, දිලීප ජයලත් 62/5, රාජේන්ද්‍ර අරවින්ද් 71/5)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 197
(කේවියන් නරේස් 56, දක්ෂිත ප්‍රනාන්දු 64, නිෂාන් පිරීස් 52/5, පසිඳු උස්හෙට්ටිගේ 91/3,
මීගමුව දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 143
(පසිඳු ලක්ෂංක නොදැවී 51, සඳරුවන් චින්තක 42, දිලීප ජයලත් 79/5)
මුවර්ස් පිලට කඩුලු 5 ක ජයක්
මුවර්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
ලන්කන් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 165
(අයි.දිසානායක 23, ළහිරු දිල්ෂාන් 43, රවිඳු රත්නායක 40, දමිත සිල්වා 20, අදීෂ තිලංචන 06/5)
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 236
(දිනුක ඩිල්ෂාන් 26, පසිඳු සූරියබණ්ඩාර 42, අදීෂ තිලංචන 39, රිසිරි වීරසූරිය 72, යසිරු රොද්‍රිගූ 56/6, සඳුන් අබේවර්ධන 19/2)
ලන්කන් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 282
(අයි.දිසානායක 49, ළහිරු දිල්ෂාන් 22, රවිඳු රත්නායක 42, රිසිත් උපමාල් 52, දමිත සිල්වා 57, යසිරු රොද්‍රිගූ නොදැවී 20, තීසන් විදූශාන් 80/4, තිලංග උදේශන 36/3)
මූවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 212
(දිනුක ඩිල්ෂාන් 48, සොහාන් ද ලිවේරා 26, අයන සිරිවර්ධන 22, පසිඳු සූරියබණ්ඩාර 59, ජනිෂ්ක පෙරේරා නොදැවී 46, යසිරු රොද්‍රිගූ 87/2)
හලාවත මේරියන්ස් පිලට පළමු ඉනිමේ ජයක්
හලාවත මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
මේරියන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 351
(අයෝන් ප්‍රනාන්දු 80, රවීන් යසස් 100, අභිෂේක් ආනන්ද 36, දිලේෂ් ශෙනොල් 28, චාරුක තරිඳු 20, ශෙහාන් සිල්වා නොදැවී 20, හෂේන් රාමනායක 52/3, කවික දිල්ෂාන් 102/2)
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 282
(තවීෂ කහදුවආරච්චි 24, සසිත පල්ලියගුරු 39, නවිඳු විතානගේ 64, හෂේන් රාමනායක 58, යුෂාන් මලිත් 21, රවීන් යසස් 51/5, චාරුක තරිඳු 60/3)
මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 164
(විශ්ව චතුරංග 57, සුකිත මනෝජ් 36, රවීන් යසස් නොදැවී 24)
රාගම පිලට පළමු ඉනිමේ ජයක්
රාගම සහ පානදුර කණ්ඩායම් අතර තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 500
(දිනෙත් තිමෝද්‍යය 33, ටී.දික්වැල්ල 38, මනීෂ රූපසිංහ 28, ඩී.බණ්ඩාර 74, අවිශ්ක තරිඳු 215, සංජුල බණ්ඩාර 55, ඩෙලන් පිරීස් නොදැවී 24, දුලාජ් අශේන් නොදැවී 25, යොමේෂ් රණසිංහ 113/3, සසංක නිර්මාල් 207/3)
පානදුර පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 361
(දුනිත් ජයතුංග 29, කෝසල රවිඳු 33, ශානුක දුලාජ් 186, සසංක නිර්මාල් 64, හරීන් රත්නමුදලි 84/6, ඩෙලන් පිරීස් 84/2)
රාගම දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 142
(දිනෙත් තිමෝද්‍යය 34, ටී.දික්වැල්ල 80, කෝසල රවිඳු 34/3, සසංක නිර්මාල් 37/2
කස්ටම් පිලට පළමු ඉනිමේ ජයක්
බී.ආර්.සී සහ කැන්ඩි කස්ටම් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 308
(ශලිත් ප්‍රනාන්දු 23, විනුර දුල්සර 77, හිරන්ත ජයසිංහ 33, චමෝද් සඳරූ 51, මොදිත රණතුංග 61, නිසල ආකාෂ් 63/3, අනුක ජයසිංහ 103/3, මර්වින් අභිනාෂ් 68/2)
කැන්ඩි කස්ටම් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 329
(නදීෂ් බණ්ඩාර 55, රෂ්මික මදුශංක 91, සසිත් මනුරංග 62, සජිත් ද සිල්වා 81, කවිඳු එදිරිවීර 53/3, සවිරු බණ්ඩාර 61/3, දුවිඳු තිලකරත්න 80/2)
බී.ආර්.සී දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 223
(ශලිත් ප්‍රනාන්දු 44, විනුර දුල්සර නොදැවී 136, හිරන්ත ජයසිංහ 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.