Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මූලික වටයේ අවසන් තරග හෙට

මූලික වටයේ අවසන් තරග හෙට

Nisanka Sandeepani - 2019 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සිවුවැනි දිනටත් ඊයේ (10 වැනිදා) පැවැති අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගැනීමට එස්.එස්.සී, එන්.සී.සී, සැරසන්ස් සහ යුදහමුදා යන කණ්ඩායම් සමත්විය.

කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 24 ක් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනී.

මූලික වටයේ අවසන් තරග හෙට (12 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇති අතර ප්‍රබල කණ්ඩායම් රැසකට අර්ධ අවසන් පූර්ව වටයට යෑමේ බලාපොරොත්තු සුන්ව යනු ඇත.

අර්ධ අවසන් පූර්ව තරග 15 වැනිදාත් අවසන් පූර්ව තරග 17 වැනිදාත් පැවැත්වෙන අතර අවසන් මහ තරගය 19 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

මූලික වටයේ අවසන් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.